අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කළුතරදී පත්තු උන වෙඩිල්ල

කළුතරදී පත්තු උන වෙඩිල්ල

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේදී සෙනසුරාදා (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස්…

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළුතර පලාතොට ප්‍රදේශයේදී සෙනසුරාදා (11) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.

වෙඩිතැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකෙරෙන අතර, එම ස්ථානයේ හිස් ජීව උණ්ඩ 2ක් සහ සජීවී උණ්ඩ 2ක් වැටී තිබී යොයාගෙන ඇත.

කෙසේ නමුත් මෙම වෙඩිතැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කළුතර දකුණ පොලීසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න