අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරූ සටන අතට ගනී-සාධාරණ සමාජය පුළුල් කරයි

කරූ සටන අතට ගනී-සාධාරණ සමාජය පුළුල් කරයි

තවත් සංවිධාන රැසක් කරූ වටා රොක් වෙයි අයුක්තියට-අසාධාරණයට-අවනීතියට එරෙහි සටන ඇවිලෙයි..! (සුජිත් මංගල ද සිල්වා) අයුක්තියට, අසාධාරණයට, අවනීතියට සහ ඒකාධිපති වදයට එරෙහිව සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සාධාරණ…

තවත් සංවිධාන රැසක් කරූ වටා රොක් වෙයි

අයුක්තියට-අසාධාරණයට-අවනීතියට එරෙහි සටන ඇවිලෙයි..!

(සුජිත් මංගල ද සිල්වා)  

අයුක්තියට, අසාධාරණයට, අවනීතියට සහ ඒකාධිපති වදයට එරෙහිව සමාජ සාධාරණත්වය වෙනුවෙන්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එකට එක්ව සටන් කිරීමට තවත් වෘත්තීය සමිති, සිවිල් සහ බහු ජන සංවිධාන ගණනාවක් එක්ව සිටියි. 

මෙම වෘත්තීය සමිති සහ සංවිධාන මෙසේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමග එක් වූයේ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේදී සඳුදා (26) පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමින් හඬ නැගීම සිය සංගම් අගය කරන අතර සිය  සංවිධාන කටයුතු කරන්නේ ද සමාජ අසාධාරණයට එරෙහිව බැවින් තනි තනිව සටන් කිරීමට වඩා එක්ව කටයුතු කිරීම විශාල ශක්තියක් වන නිසා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට සිය සංගම් අත්වැල් බැඳ ගැනීමට තීරණය කළ බව එම සංවිධානයන්හි නායකයෝ එහිදී අවධාරණය කළහ.

ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් අසේල සම්පත්, සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එස්. ප්‍රශාන්තන් සහ චිරාන්ත අමරසිංහ, කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිමේෂ් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය නියෝජනය කරමින් මහින්ද කුමාර, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නියෝජනය කරමින් එම්.බී.එම්. නලීන්, මව්බිම සුරක්ෂා එකමුතුව නියෝජනය කරමින් සම්ස් ෆාරුක් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කරූ සටන අතට ගනී-සාධාරණ සමාජය පුළුල් කරයි | Lanka Newsweek