කර්නල් රවින්ද්‍ර මිගමාරච්චිට සංවිධානාත්මක මඩ ප්‍රහාරයක්..!

ජීවිත තර්ජන ජනාධිපතිගේ විශේෂ අවධානයට...! අතීත පටාචාරාවන්ගේ නූතන පිරිමි මොඩලය කවරෙකු වනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේද..? (අචින්ත මධුර) රටක් හඳුනන,ආදරය කරන පාඨකයන්ගේ එක්තරා ඉරාවක් සංගීතයෙන් උමතු කළ…
ජීවිත තර්ජන ජනාධිපතිගේ විශේෂ අවධානයට...!
අතීත පටාචාරාවන්ගේ නූතන පිරිමි මොඩලය කවරෙකු වනු ඇතැයි ඔබ විශ්වාස කරන්නේද..?
(අචින්ත මධුර)
රටක් හඳුනන,ආදරය කරන පාඨකයන්ගේ එක්තරා ඉරාවක් සංගීතයෙන් උමතු කළ රවින්ද්‍ර මිගමාරච්චි ගායකයෙකු පමණක් නොවීම සුවිශේෂීය.
හොඳම චිත්‍රපට ගීත රචක සරසවි නාමයන් තුළට නිර්දේශවූ රවින්ද්‍ර පැහැසර ඔබේ ආදරේ, මගේ ආදරේ මදි උනාද යන ගීත ඇතුළු කොට ඔබ අසා ඇති මුත් රචකයා කවුරුන්ද නොදත් ගීතයන් දහසකුත් එකක අකුරු වචන පද වැල්කොට ගීත බැදුවෝය.
එමෙන්ම තනු නිර්මාණ ශිල්පියෙකු , වාදකයෙකු ,ගීත නිර්මාණකරුවෙකු වශයෙන් දෙස් විදෙස් ලාංකිකයන්ගේ ජනාදරයට පාත්‍රව මොහු නිලය නොව නිහතමානය ආභරණයක් කරගත් සරල සොඳුරු මිනිසෙක් බව දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයෝ දනිති.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ මොහු වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලට ඇතුළත් විය.
දැන්වීම
රවින්ද්‍ර පාසලෙන් පිටව යුද හමුදාවට ඇතුළත් වන්නේ අධික යුධ සමයක් වන 1996 වර්ෂයේදීය. දියතලාව යුධ හමුදා කැඩෙට් නිලධාරී විද්‍යා පීඨයේදී පාඨමාලාව අති සාර්ථකව අවසන් කර අධිකාරියට පත්වූ මොහු විද්‍යා පීඨය තුළද කැපී පෙනෙන චරිතයක් විය. එවකට අණදෙන නිලධාරී වර්තමාන විශ්‍රාමික දක්ෂ යුද හමුදාපතිවරයෙකු වශයෙන් ජනාදරයට පාත්‍රවූ ජෙනරාල් දයා රත්නායකගේ සිසුවෙකු වන අතර අදටත් ජෙනරාල් දයාගේ නිරන්තර පැසසුමට ඔහු පාත්‍ර වනුයේ රවින්ද්‍රගේ දක්ෂතාවයන් විනා අන්කවර හේතුවක් මත නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.
ඇමරිකා එක්සත් ජනපදයෙහි හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් ශ්‍රී ලංකා යුද හමුදාවට ප්‍රථම වරට හඳුන්වා දීමට පැවැත්වූ පළමු පාඨමාලාවට රවින්ද්‍ර යෝජනා වූයේ එවක එම අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ වර්තමාන විශ්‍රාමික මේජර් ජෙනරාල් විජයවික්‍රමගේ නිර්දේශයට අනුවය . එම පාඨමාලාව සාර්ථකව නිම කොට යළි ක්‍රියාන්විත සේනාංකයන් සමග එක්වූ රවින්ද්‍ර මනෝවිද්‍යා මෙහෙයුම් භූමියෙහි යථාර්ථයක් කළ අයෙකු වශයෙන් එවක ජෙනරාල් දළුවත්ත , ජෙනරාල් බලගල්ල වැනි හමුදා පතිවරුන්ගේ පැසසුමට පාත්‍රවිය.
වෘත්තීය ඊර්ෂ්‍යාව [PROFESSIONAL JEALOUSY] බැහැරව මරණය අබියස ජීවිතයේ යථාර්ථය ඇස් පනාපිට අත්දුටු, මනුස්සකම උපරිමෙහි ප්‍රගුණ කළ එවක සෑම ස්ථරයන්හි හමුදා නායකයෝ රවින්ද්‍ර සේවා ඒකකයක නිලධාරියකු වුවද ක්‍රියාන්විත සේනාංකයන් සමග එක්ව කරට කර තමාට පැවරුණු මනෝවිද්‍යා මෙහෙයුම් සහ අනෙකුත් රාජකාරීන් සාම්ප්‍රදායික රාමුවෙන් එපිට අවදානමට අභියෝග කරමින් යථාර්ථයක් බවට පත්කළ අයෙකු ලෙස ප්‍රශංසනීයත්වය ඇගැයීම වස් ඔහුට පිරිනැමුණු ඇගයීම් ලිපි ඔහු සන්තකයෙහි තබා ගත්තා විනා ඉදිරි වෘත්තීය ප්‍රගමනයේ ආයෝජනයක් ලෙස යුද හමුදා මූලස්ථානයේ පෞද්ගලික ලිපි ගොනුවේ බැහැලුවෙ නැත.
2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමගම මොහුගේ දක්ෂතාවයන් මත ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපනයව තිබූ රණ රූ රූපවාහිනී නාලිකාවේ නාලිකා ප්‍රධානියා, අධ්‍යක්ෂකවරයා වශයෙන් පත්විය. අප අතරින් වෙන්වූ නිමල් ලක්ෂපතියාරච්චියන් වැනි දැවැන්තයින් සමඟ නිර්මාණකරණයේ නිරතව විවිධ සංකල්පයන් හරහා ත්‍රිවිධ හමුදාවන්හිම ප්‍රතිරූපය ඉහළ නැංවීමට අපි වෙනුවෙන් අපි, රණවිරු රියල් ස්ටාර් , වැනි ජාතික තලයේ මෙගා ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ඇප කැපව ක්‍රියා කළෝය.
ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වා යුද හමුදාපතිව සිටි සමයේ, ජනරාල් මහේෂ් සේනානායකගේ නිර්දේශයෙන් යුද හමුදා තූර්ය වාදක හා රංග කළා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව යුද හමුදාවේ තූර්ය වාදක හා රංග කලාව තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් ජාත්‍යන්තරය ජය ගැනීමට මං පෙත් විවර කර එවක ලොව කිසිදු යුද හමුදාවක නොතිබුණු අන් ප්ලග් [UNPLUGGED] සංගීත කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවට දායාද කළෝය.
ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ යුද හමුදාවට කියා කිසිදු ගීතයක් බිහි නොවුණු පසුබිමක රවින්ද්‍ර විසින් පෞද්ගලිකවම අතිවිශාල මුදලක් වැය කරමින් සිදුකළ නිර්මාණයන්වලින් පහත දැක්වෙන්නේ අල්පයක් පමණි.
යුද හමුදා නිල දුරකථන තේමා ගීතය [ හිනහෙන්න ශ්‍රී ලංකා ]
https://youtu.be/sYWPdUyspKM?si=YCO5CCa1-mIrZGKH
යුද හමුදා ක්‍රීඩා ගීතය [ අභිමානය ශ්‍රී ලංකාවේ අපි යුද හමුදාවේ]
https://youtu.be/3W0Ez-nHacg?si=WpA7UkPtH-1wrtKX
යුද හමුදා පේසස් නිල තේමා ගීතය [ උරිනුර ගැටිලා ජයගමු අපි]
https://youtu.be/V5t-x3qQuUs?si=AbeksrUzGC0yHRiM
කමාන්ඩෝ නිල සංවත්සර ගීතය [ කමන්ඩෝ නාමය සදාකාලිකය]
https://youtu.be/QCL93S1mhVE?Siar=Hcrfaf0jT49aLRXx
විශේෂ බලකා නිල විසිරයෑමේ ගීතය [ උකුසු වෙස් වලා]
https://youtu.be/u0FPfB3QDfI?si=IODIk_iEzMwu-Lbm
යුද සමයේ බඳවා ගැනීම් උදෙසා සිදු කළ ගීතයන් [අවිදරා]
https://youtu.be/3XDWLUCj37A?si=nG4_gY5OvZKPw5rO
යුධ සමයේ යුද හමුදාවට එක්වීමට පෙළඹවීම උදෙසා [ හෝ එන්න ගීතයේ රූප රචනය භාවිතා කළ යුරු]
https://youtu.be/DgolKELKMWg?si=h8N8CaCL9YVz--2-
සියලු විදේශ රටවල් වල සහභාගිත්වයෙන් යුද හමුදාව සංවිධානය කළ ආරක්ෂක සමුළු තේමා ගීතය [ මගේ මව් බිම]
https://youtu.be/dDK01_25C50?si=BYSoa9IUl7iWgAgA
ශ්‍රී ලංකාවේ යුද හමුදාව දිරිගැන්වීමට ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණයවූ ගීතය.
https://youtu.be/LEPCKQnO12o?si=HP3QMR-CHWjxtxKr
පහළොස් වසරක් නොතිබුණු විජයග්‍රාහී ගීතය 16 වෙනි වසරේ නිර්මාණය කිරීම [කළ නොහැකි දෙයක් නොමැති]
https://www.facebook.com/share/p/1AqWzD1nPT/
සාහසික පළිගැනීම්වල ආරම්භය..!
රවීන්ද්‍ර මිගමාරච්චි අවම වශයෙන් ඔහුගේ හිමිකමක්ව පැවති යුද හමුදා මාණ්ඩලික රථයද ඔහුට ලබා දෙනු ලබන පෞද්ගලික කාර්ය මණ්ඩලයද වසර පහක් යනතුරු ප්‍රතික්ෂේප කර මුල්වරට රථයක් ලබාගන්නේ 2022 වසරේ රටෙහි පැවති ඉන්ධන අර්බුදය හේතු කොට ගෙනය
අප පෙර කියූ පරිදි නිලය, බලය, තනතුරු කිසිසේත් ආභරණය නොකරගත් තම නිහතමානිත්වය ,සරල බව පරාර්ථකාමීත්වය වැනි ගුණාංග ප්‍රගුණ කළ නිහතමානී පුද්ගලයකු වශයෙන් සියල්ලන්ම වැළඳ ගනිමේදී ඔහුගේ හැකියාව දක්ෂතාවය සහ රාජ්‍ය නායකයන් පවා ඔහු ඇගැයීමට ලක් කිරීම නුරුස්සන කොටසකුත් සෑම කල්හිම සිටියෝය.
රවින්ද්‍රගේ භාර්යාව විදේශීය ව්‍යාපාර තුනක දේශිය කොටස් හිමි අධ්‍යක්ෂවරියක් මෙන්ම ඇයට බැංකු ණය මුදල් යොදවමින් වසර අටක් තිස්සේ ඉදි වෙමින් පවතින හෝටලයක්ද තිබීම දඩ මීමා කරගනිමින් පළිගැනීම් ආරම්භ කෙරුනේ 2015 වසරේදීය.
ජූඩ් ෆනැන්ඩු නම් වූ වර්තමානයේ යුද හමුදාවෙන් විශ්‍රාම ගිය බ්‍රිගේඩියර් පෙත්සන් ගැහීම කලාවක් නම් එහි පිකාසෝලා බඳුය.
මොරටුව ප්‍රදේශයේම හෝටල් කාමරයකට කාන්තාවක් රැගෙන විත් ඔහු සිදුකළ නුසුදුසු ක්‍රියාවෝ සියල්ල රූගතව අදටත් සුරක්ෂිතව පවතින පසුබිමක එදා සිට මේ දක්වාම දඩාවතේ යන බල්ලෙකු මෙන් ඉවල්මින් රවීන්ද්‍ර පසුපසම හඹන්නෝය.
අප ලංකා ඊ නිවුස් තුළින් නිර්වත් කළ තවත් චරිත කිහිපයක්ද මේ සඳහා උපරිමයෙන් දායක වන්නෝය. එකෙකු නම් විෂමාචාර ක්‍රියා හේතුකොට බලකාධිපති ධූරයෙන් ඉවත්කර නෙරපා දමා වර්තමානයේ බාහිර ලෝකයට විවරවූ බහිරවයා මෙ(හූ)ත්තානන්දය.
2014 දේශපාලන පෙරළියත් සමග ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ ධුරය අත්හැරි පසු රවින්ද්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ පසුබිමක එවකටද ඔහුගේ බිරිඳ බැංකු ණයක් යටතේ පවරාගෙන තිබූ හෝටලය ගෝඨාගේ හෝටලය ලෙස නම් කළේද ඒ ඇත්තෝමය.
FCID සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එක පිට එක පෙත්සම් ගසා අවසානයේ මෙම ව්‍යාපාරයන් සඳහා පරීක්ෂණයන් ආරම්භ කිරීමට එම ආයතන කටයුතු කළ අතර ඊට උපරිම සහයෝගය ලබා දුන් රවින්ද්‍ර සහ ඔහුගේ බිරිඳ කිසිදු මුදල් විශුද්ධිකරණයක් සිදු කර නොමැති බවටත්, රට තුළ සිදුකළ ව්‍යාපාරයන්ට විදේශ රටවලින් ලැබුණු මුදල් සඳහා පැහැදිලිව රජයට අය විය යුතු බදු ආදී කොට ගත් සියල්ල නිවැරදිව ගෙවා ඇති බවටත් බැංකු ණය ආදී කොට ගත් සියල්ල නීත්‍යානුකූල බවටත් ප්‍රකාශ කළෝය.
බලාපොරොත්තු සුන්වූ බහිරවයෝ උත්සාහය අත් නොහැරුවෝය. 2019 ගෝඨාභය බලයට පැමිණි විගස ඔවුන්ම ගෝඨාගේ හෝටලය ලෙස නම් තැබූ එම හෝටලේම පෙර ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙ යැයි සඳහන් කරමින් ගෝඨා වටේ සිටි විශ්‍රාමික බත් බැලයන්වූ එගොඩවෙල , සොයිසා ඇතුළු එවකට සේවයේ නියතුව සිටි ගෝඨාගේ PSO රණසිංහ සමග කරට අත්දා බොර දියේ මාළු බාන්නෝ යළි යළිත් පළිගැනීමට පටන් ගත්තෝය. පෙත්සම් රචනා කෙරුවෝය.
ගෝඨා සහ රවින්ද්‍ර ගහයි පොත්තයි කියූ කාර්තුව නිමවී ගෝඨාගේ පැත්ත පළාතක රවින්ද්‍ර දක්නට නොවූයේ අභ්‍යන්තර ලෝකයට සමානුරූපී නොවන පරිදි ගෝඨා වටකර බැඳි විශ්‍රාමක මිලටරි පරාවලල්ලේ දුගඳ දරා ගැනීමට නොහැකිවය.
රවින්ද්‍රගෙන් පළිගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහයද නොඅඩුව ලැබුණේ මාධ්‍ය ආයතන වලට රාජ්‍ය මුදලින් අල්ලස් ලබාදෙමිනි. ගෝඨාගේ ජනාධිපති කාර්යාලය රවින්ද්‍රට එරෙහි කුමන්ත්‍රණ මඩුවක් කරගත් මිහිපිට බහිරවයෝ දොළපිදේනි ආදී කොට ගත් සියල්ලෙන් සන්තර්පනය වූයේද රවින්ද්‍රගේ විරුද්ධවාදීන්ගේ අනුග්‍රහයෙනි.
ඒ අනුව ගෝඨාගේ හෝටලයට ගෝඨාගේ ආණ්ඩුවෙන්ම නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය මගින් වසර දෙකක් පුරාවට එම පරීක්ෂණ කටයුතු සිදුකළෝය.
විශ්‍රාමික මිලටරි පාරාවළල්ලේ බත් බැලයෝ හෝටලය ඉදිකිරීමට ණය පහසුකම් ලබාදුන් බැංකුවටද අනේකවිධ බලපෑම් එල්ල කරමින් මෙම ණය පහසුකම් ලබාදීමට කටයුතු කළ පහළ සිට ඉහළට සියල්ලන්ටම විරුද්ධව පරීක්ෂණ සිදු කරන ලෙසට අනීතිකව කළ බලපෑම් හමුවේ ඒ අසරණ නිලධාරීන්ටද එරෙහිව පරීක්ෂණයන් බැංකුව මගින් සිදු කළ අතර එම කාලය තුළ ඔවුනට කිසිදු අයුරකින් තනතුරු උසස් වීම් සහ පහසුකම් නොලැබීම එම තත්ත්වයට බැංකු නිලධාරීන් පත් කළ බත් බැලයන්ට ජාති ජාතිත් පෙරේතයන්ව ඉපිද අවසන කල්ප කාලාන්තරයක් අපාගත වීමට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
නීති විරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨාශය මගින් සිදුකළ වසර දෙකක පරීක්ෂණය කිසිදු නිරීක්ෂණයක් නොමැතිව පෙර රජයෙහි FCID විසින් ලබාදුන් වාර්තාවට නොදෙවනි වාර්තාවක් ලබාදෙමින් කිසිදු මුදල් විශුද්ධිකරණයක් සිදුව නැති බවට ලිඛිතව ලබා දුන්නෝය.
ගෝඨා ගෙදර යැවීමට දායක වූවෝ පළිගැනීම අත්නොහලෝය. ඔවුහු සෑම දේශපාලන තන්ත්‍රයක් සමග වුවද හිරිකිතයකින් තොරව යහන්ගත වන විශ්‍රාමික මිලටරි ගණිකාවෝය.
ඒ අනුව රවින්ද්‍රට එරෙහි පළිගැනීම් නැවතත් ඇරඹුණි. ඒ හිටපු ආරක්ෂක ලේකම්, හිටපු යුද්ධ හමුදාපති, ධූරයෙන් නෙරපූ මෙ(හූ)ත්තානන්ද ධූරයෙන් නෙරපූ නීති අධ්‍යක්ෂක නල්ලපෙරුම වැන්නවුන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේය. මේ වන විට ඉහළ සිට පහල යාන්ත්‍රණය දක්වා සියල්ලන්ගේ පළිගැනීම් වලින් පන්නරය ලැබූ රවින්ද්‍ර උඩුගම බලා පිහිනුම අරඹා ගල් කඳු මත හිස ගසා සක්කෑලි බවට පර්වත පත්කළෝය.
පනාගොඩ අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ ඔහු යුද හමුදා රෙගුලාසි උල්ලංඝනය කරමින් කිලිනොච්චි 57 සේනාංකය වෙත ස්ථාන මාරුවීමක් ලබාදී පෙර නම් සදහන් උන්ගේම අකුරින් ලියැවුණු නිර්නාමික පෙත්සම් පදනම්ව ලෝක ඉතිහාසයේ කිසිදු යුධ හමුදා නිලධාරියෙකු මුහුණ නොදුන් ලෙස පරීක්ෂණ මණ්ඩල 250 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශයන් කිහිපයක පත්කර වසර දෙකක කාලයක් තුළ 182 පාරක් කොළඹට ගෙන්වා කොළඹ පැමිණි වාර ගණන වැඩි බවට සඳහන් කරමින් මුලතිව් 59 වන සේනාංකයේ ඒ සබඳිව පරීක්ෂණයක් පත් කොට රවින්ද්‍ර හට කුරුණෑගලට ස්ථාන මාරුවීමක් ලබාදුනි. කොළඹ සිට කිලිනොච්චියට ඇති දුර සහ කුරුණෑගල සිට මුලතිව් දක්වා ඇති දුර වැඩි මිස අඩු නොවන පසුබිමක පලිගැනීමේ ස්වභාවය ඉතාමත් පැහැදිලිය.
දිගින් දිගටම ඔහු සහ පවුලේ සාමාජිකයන් පළිගැනීමට ලක් වූ පසුබිමක තම දරුවන් පවා වසර එකහමාරක කාලයක් තුළ දෑසින් දැක ගැනීමට නොහැකිවූ රවින්ද්‍රට තම වැඩිමහල් දියණිය අහිමි විය. ඒ සෝචනීය පුවත ඔහුගේ සමීපතමයන් පමණක් දැන සිටි කරුණක් වුවද ඒ සෝචනීය පුවත ඉතා සංවේදී නමුත් එයද විකෘති කරමින් මෑතකදී මොහුට එරෙහිව ආයතනය තුළින්ම ගිණුම් ගත නොවන බුද්ධි අරමුදල් වලින් ඊනියා මාධ්‍ය වේදීන් බිලිබා ඔහුගේ චරිතය සාහසික අයුරින් ඝාතනය කිරීමට තැත් කිරීම වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගේ මෙන්ම ජනාධිපතිවරයාගේද දැනගැනීමට ලක්ව තිබීම කාට කාටත් වැඩ වැරදීමට පටන් ගනු ඇතැයි යන්නට පූර්විකාවකි.
එම සිද්ධි දාමයන් තුළින් පාතාලය විසින් රවින්ද්‍ර ඝාතන සතක් ඇති බවට බුද්ධි වාර්තා පිට වාර්තා පැමිණි පසුබිමක වින්දිතයන් සුරැකීමේ අධිකාරිය විසින්ද රවින්ද්‍රට විශේෂ හමුදා ආරක්ෂාවක් ලබාදීමට නියෝග කර ඇති පසුබිමක කිසිදු ආරක්ෂාවක් ලබා නොදී පාතාලයේ ගිණුමට බැර කර සූක්ෂමව මොහු ඝාතනය කිරීමටද කටයුතු සැලසුම් කරන බවට සාක්ෂි සමග ලැබුණු තොරතුරු සැකයේ වාසියකින් තොරව සනාථ වනුයේ බුද්ධි අංශ මුදල් යොදා මඩ ගැසූ අයට ඔහු ඝාතනය කිරීම කජ්ජක් නොවන පසුබිමකය.
කෙසේ වෙතත් එම මඩ ගැසීමේ අරමුණ 2014 සිට මේ දක්වා පැවති සියලු ආණ්ඩු සහ රාජ්‍ය නායකයින් පවා ගොනාට ඇන්දවූ පෙත්සම් කලාව සමාජ මාධ්‍ය අවකාශයේ ඩිජිටල් කරනයට ලක්කර වෙනත් මුහුණුවරකින් නැවතත් පරීක්ෂණයක් ආරම්භ කිරීමය. එසේ වුවහොත් මෙය නැවත වික්‍රමසිංහගේ මෛත්‍රිපාලගේ හෝ ගෝඨාගේ හෝටලය වනු ඇත.
මෙ(හූ)ත්තානන්ද මෙන්ම දැනටමත් ලීක් කරගෙන ඇති ජූඩ් ෆෑන්ඩු ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් මුදුන් පමුණුවාලී රවින්ද්‍ර මීගමාරච්චිගෙන් පළිගැනීමට ගොස් පෙර සිටි ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, විනාරක්ෂාධිපති, සහ අනේක විවිධ තනතුරු හෙබවූවෝ පවුල් පිටින් අමාරුවේ දැමුවෝය. ඔහුනට අද පාරේ බැස නිදහසේ යෑමටවත් නොහැකි තත්ත්වයක් උදා කිරීමට මූලික වී කටයුතු කළ මෙ(හූ)ත්තානන්ද මෙවර ඇමට ගසා ඇත්තේ වර්තමාන යුද හමුදාපතිවය. මෙත්තානන්දගේ නම මෙ(හූ)ත්තානන්ද ලෙසින් වෙනස් වූ අයුරින්ම වර්තමාන යුදහමුදාපතිගේද නම වෙනස් කිරීමටද කටයුතු කලෙක් නම් ඒ මෙ(හූ)ත්තානන්දය.
රවින්ද්‍ර මීගමාරච්චි සිදුකළ සාසනික මෙහෙවර අපරමිතය. සඳහිරු සෑයේ හුණු ගෑමට පැමිණියෝ නම ගහ ගත් නමුත් සත්‍ය වශයෙන් අඩිතාලමේ සිට ඊට දායක වූ එක් නම් ඒ රවින්ද්‍රය. මේ මොහොතේද සඳහිරු සෑයෙහි ධාතු ගර්භයේ ධාතූන් වහන්සේලා වැඩ සිටිනුයේ රවින්ද්‍ර විසින් පූජා කරන ලද රත්තරන් සහ මැණික් වර්ගයකින් නිමවූ මංජුසාවක් තුළය. ඒ අයුරින්ම රනිරුවන්ට සෙත්පතා වසර දහයක් අඛණ්ඩව ස්වාමීන් වහන්සේලා පන්දහස බැගින් දිවයිනේ නන් දෙසින් වඩම්මවා ජය පිරිත සංවිධානය කිරීමට දායක වූ රවින්ද්‍ර හට කැබිලිත්ත දේවාලයෙහි නිසි බලධාරීත්වය ලබා දුන්නේද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙනි. තවද ලෝක උරුමයක්ව පවතින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සුළඟින් ආරක්ෂා කරන පරිවාර බෝධීන් වහන්සේලා කුරුල්ලන් බෙන සෑදීම හේතු කොටගෙන කඩා වැටීම තුළින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සිදුවන හානිය වළකාලීමට විදේශීයව ආනයනය කරන ලද ශාක සහ කුරුල්ලන්ට හානි නොවන උපකරණද සවිකරේ රවින්ද්‍රය. ඒ මහා පින්කමද විකෘති කරමින් ගෝඨාගේ බත් බැලියෝ ගෝඨාට දැනුම් දී තිබුණේ විදේශ රටකට ගුවන් යානයක් යවා අවසරයකින් තොරව නීති විරෝධී භාණ්ඩ හෝ විදේශීය මත්පැන් තොග ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලට කියමින් ඒවා පිටතට රැගෙන ගොස් ඇති බවටය ඒ අනුවද පරීක්ෂණ ආරම්භ කර ඒ සියලු තොරතුරු සාවද්‍ය බව ඔප්පු පසුබිමක පව් කළ සියල්ලෝ දිට්ඨධම්ම වේදනීය කර්මයෙන්ම වෙලා ගත්තෝය.