අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කරන්දෙණියේ නිවසක තිබී රුපියල් කෝටි 09 ක අයිස්

කරන්දෙණියේ නිවසක තිබී රුපියල් කෝටි 09 ක අයිස්

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව ප්‍රාදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉරිදා (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කරන්දෙණියේ 03 කනුව ප්‍රාදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි 09 කට වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉරිදා (21) පෙරවරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම මත් දව්‍ය තොගය කොටස් ලෙස අලවි කිරීම සදහා සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි. මත්දව්‍ය තොගය වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශයට ලබා දීමට කටයුතු කරන බව ඇල්පිටිය දූෂණ මර්දන ඒකකය කියයි.

ඇල්පිටියේ කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් මහතාට ලැබුන තොරතුරක්‌ මත කළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රැම් 08 කට වැඩි ප්‍රමාණයක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

දැන්වීම

දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස් පති ජගත් සේරම් යන නිලධාරීන් ගේ අධික්ෂණය මත ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී ආර් රන්දෙනිය මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර තිබේ.

ඇල්පිටියේ කොට්ටාශ අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බස්නායක, දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පොලිස් සැරයන් වරුන් වන ක්‍රිෂාන්ත (5462), ජයලාල් (58469), පොලිස් කොස්තාපල් වරුන් වන උදයකුමාර (82030), ජයසුරිය (106907), විතානච්චි (106103), සිවිල් ආරක්ෂක (10864) අජිත් යන නිලධාරීන් වැටලීම සිදුකර තිබේ.

කරන්දෙණියේ නිවසක තිබී රුපියල් කෝටි 09 ක අයිස්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න