කයිය නායකයින්ගේ දේශද්‍රෝහී ප්‍රාර්ථනාව විපක්ෂ නායක හෙළිදරව් කරයි

ඔවුන් කැමති "ඇති-හැකි" සහ "නැති බැරි" පදනම රැකෙනවාටයි ඔවුන්ට වීරයින් විය හැක්කේ එවිටයි රටට අවශ්‍ය කයිය නායකයින් නොව වැඩ කරන නායකයින් අරගලය ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස දුන්නේ අපි "Digital" විප්ලවය ගැන…
ඔවුන් කැමති "ඇති-හැකි" සහ "නැති බැරි" පදනම රැකෙනවාටයි
ඔවුන්ට වීරයින් විය හැක්කේ එවිටයි
රටට අවශ්‍ය කයිය නායකයින් නොව වැඩ කරන නායකයින්
අරගලය ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස දුන්නේ අපි
"Digital" විප්ලවය ගැන ලෝකය වටේ කයිවාරු ගැහුවට එවැනි විප්ලවයක් සිදු වන්නේ නැහැ
කපන්න-කොටන්න-විනාශ කරන්න නොව ගොඩනගන්න කටයුතු කරමු
-විපක්ෂ නායක අවධාරණය කරයි-

රටේ සාධනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරිමට එරෙහිව විරෝධය පාන මෝඩයන් පිරිසක් සිටින බවත් ඔවුන්ගේ දූ දරුවන් පෞද්ගලික පාසල්වලට ජාත්‍යන්තර පාසල්වලට සහ පෞද්ගලික විශ්ව විද්‍යාවලට යවා හොඳ අධ්‍යාපනයක් ලබා දෙන අතරතුර රටේ සෙසු පාසල් දියුණු කිරීමේ අරමුණින් තමා පරිගණක ලබා දෙන විට එම බෙදිල්ල අවඥාවට ලක් කරන බවත් මේ කයිය නායකයන් සමාජයේ ඇති-හැකි සහ නැති බැරි බෙදීම දිගටම පවතිනවාට කැමති බවත් එවිට එම මාතෘකාව ඔස්සේ ඔවුන්ට වීරයන් විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
කයිය නායකයෝ එසේ හැසිරෙන විට තමා ඇතුළු තමාගේ කණ්ඩායමේ ප්‍රතිපත්තිය වන්නේ ඇති-හැකි සහ නැති බැරි පරතරය නැති කර රටේ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමට බවත් එහි දී සුහුරු පුරවැසියකු සේම සුහුරු රටක් ගොඩ නැගීම සිදු කරන බවත් සමාජයේ ඇති බෙදීම මූලික කර ගෙන තම දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට උත්සාහ කරන කයිය නායකයන්ගෙන් පරිස්සම් වන ලෙස ජනතාවගේ ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ගම්පහ දොම්පේ පැපිලියවල කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩ සටහනේ 197 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ.
අරගලයෙන් පසු බොහෝ දෙනා ඉල්ලා සිටි ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය, අරගලයට පෙර සිටම ආරම්භ කරමින් විපක්ෂයේ සිටම අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් තමාගේ පියාවත් එවැනි සේවාවක් ඉටු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මේ අවස්ථාවේ රටට අවශ්‍ය කයිවාරු ගහන නායකයෝ නොව රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් බවත් විකල්පයක් ලෙස ඉදිරිපත් වන කණ්ඩායම් මහා පොළොවේ වැඩ කර පෙන්විය යුතු බවත් කයිවාරුවෙන් ඉදිරිපත් කරන සංවර්ධනයෙන් වැඩක් නොමැති බවත් බලයක් නොමැතිව වුවත් රට වෙනුවෙන් සේවාවක් කර පෙන්විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
ලෝකය වටේ ගිහින් අප රටේ ඩිජිටල් තාක්ෂණ විප්ලවයක් ක්‍රියාත්මක කරනවා කියන අය තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම් සිදු කරන්නේ මව් භාෂාවෙන් 6-13 පන්ති සඳහා පමණක් බවත් මේ ගැන හරිහැටි නොදන්න අපේ රටේ නායකයෝ ලෝකය වටේ ගොස් ඩිජිටල් විප්ලවය ගැන ලොකු ලොකු මාධ්‍ය සංදර්ශන පවත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නමුත් සමගි ජන බලවේග රජයක් යටතේ සුදුසු මානව සහ භෞතික සම්පත් රටේ පාසල් 10126ට ම ලබා දී තොරතුරු තාක්ෂණ විෂය ඉංග්‍රීසි මාධ්‍යයෙන් 1-13 දක්වා අනිවාර්ය විෂයක් බවට පත් කර යල් පැන ගිය ගිරාපෝතක කට පාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනුවට ප්‍රශ්න විසඳන උත්තර සපයන විසඳුම් ලබා දෙන සුහුරු සිසු පරපුරක් සහ ජන පරපුරක් නිර්මාණය කරන බවත් ඒ ඔස්සේ අලුත්, නිදහස්, නිවහල් සහ අවස්ථා බහුල අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
තමන්ගේ දූ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාවලවලට යවා මහා ලොකුවට සමාජවාදය ගැන බෙරිහන් දෙන අන්ත සමාජවාදී නායකයෝ මෙවැනි යාවත්කාලීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරන විට ජනතාව මහා පාරට බැස්ස විය හැකි බවත් එමඟින් පාඩු වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දූ දරුවන්ට බවත් තමා කිසිදු අවස්ථාවක සිංහල ඡන්ද හෝ දමිළ ඡන්ද දිනා ගැනීමෙ අරමුණින් මේ දැනුවත් කිරීම් සිදු නොකරන බවත් තමාට අවශ්‍ය සුහුරු දරුවකු හරහා සුහුරු පුරවැසියකු සහ සුහුරු රටක් නිර්මාණය කිරිම බවත් ඒ වෙනුවෙන් සුහුරු අධ්‍යාපනය නගා සිටු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ අවස්ථාවේ අප කළ යුත්තේ කපන්න-කොටන්න-විනාශ කරන්න නොව ඉදිකිරිම සහ ගොඩනැගීම බවත් මේ රජයට එම කටයුතු කරන්න බැරි නම් සමගි ජන බලවේග රජයක් යටතේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරවලට, අධ්‍යාපනයට, සෞඛ්‍යට, කෘෂිකර්මයට, ධීවර කර්මාන්තයට, ස්වයං රැකියාවලට, අපනයන සහ නිෂ්පාදන කර්මාන්තවලට, පරිගණක කේන්ද්‍රීය කර්මාන්තවලට වගේම ජන සමාජයට ගුණාත්මක හරයාත්මක බලපෑමක් ඇති සෑම කර්මාන්යකටම සීමිත සම්පත් උපරිම අයුරින් යොද වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නැහැ බැහැ කියන දේ අමතක කර නිවැරදි මැද මාවත ඔස්සේ ගමන් කළ යුතු බවත් මනුස්සකම අගයන මිනිසත්කමට මුල්තැන දෙන මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් එකට මුසු වූ ගමනක යන බවත් ඒ ඔස්සේ නිදහස් අධ්‍යපානය තව දුරටත් ශක්තිමත් කරමින් සහ නූතනවාදී කරමින් දූ දරු පරපුරට සෞභාග්‍ය සම්පන්න වර්තමානයක් සහ අනාගතයක් බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 196ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2184ක් වැය කර තිබේ.
