අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

කබීර් හෂීම් ලක්ෂ 2 ට බැංකු රැකියා වික්ක හැටි සංවිධායකවරුන් හෙළි කරයි

කබීර් හෂීම් ලක්ෂ 2 ට බැංකු රැකියා වික්ක හැටි සංවිධායකවරුන් හෙළි කරයි

එජාප සභාපතිගේ දුෂණ ගැන සංවිධායකවරුන්ගෙන් විපක්ෂ නයකට පැමිණිලි ගලිගමුවේ පමණක් විසි දෙනෙකුගෙන් ලක්ෂ දෙක බැගින් ගසා කාලා (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා රාජ්‍ය…

එජාප සභාපතිගේ දුෂණ ගැන සංවිධායකවරුන්ගෙන් විපක්ෂ නයකට පැමිණිලි

ගලිගමුවේ පමණක් විසි දෙනෙකුගෙන් ලක්ෂ දෙක බැගින් ගසා කාලා  

කබීර් හෂීම් ලක්ෂ 2 ට බැංකු රැකියා වික්ක හැටි සංවිධායකවරුන් හෙළි කරයි

(සුජිත් මංගල ද සිල්වා)    

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා රාජ්‍ය ව්‍යවසාය ඇමතිවරයාව සිටියදී ඔහු යටතේ පැවැති රාජ්‍ය බැංකුවල රැකියා ලබා දීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත චෝදනාත්මකව පැමිණිලි කළහ.

මේ පිරිස මේ පැමිණිල්ල චෝදනාත්මක ලෙස ඉදිරිපත් කළේ මන්ත්‍රීවරුන් නොවන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (21) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

දැන්වීම

එහිදී නැගී සිටී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලියු සෝමදාස මහතා කියා සිටියේ රාජ්‍ය බැංකුවල රැකියා ලබා දෙන බව කියා කබීර් හෂීම් මහතා සිය ආසනයේ පමණක් විසි දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවය.

රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දුන්නත් පොරොන්දු වූ පරිදි රාජ්‍ය බැංකුවල රැකියා නොලැබීම හේතුවෙන් එම එක්සත් ජාතික පාක්ෂිකයින් විසි දෙනා මේ වංචාව සම්බන්ධයෙන් කබීර් හෂීම් මහතාට එරෙහිව මේ වන විට පොලීසියේ පැමිණිලි කර ඇති බව ද ඩබ්ලියු සෝමදාස මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතා හමුවේ හෙළිදරව් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න