අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

කඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

දිනන්නේ සජිත් විතරයි නිල ප්‍රකාශය හෙට-අනිද්දාම ඉදිරි ජනාධිපතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තිරණය කර ඇතැයි එහි නායක සහ කදුරට…

දිනන්නේ සජිත් විතරයි 

නිල ප්‍රකාශය හෙට-අනිද්දාම 

ඉදිරි ජනාධිපතිවරණයේ දී කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තිරණය කර ඇතැයි එහි නායක සහ කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. 

වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ, නුවරඑලිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසල්වල 2023 වසරේ පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් සහ තිළිණ ලබාදිමේ උත්සවයකට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු කදුරට ජනතා පෙරමුණේ නායක වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ සිය පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිමට තිරණය කිරිම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් හෙට-අනිද්දාම නිකුත් කරන බවය. 

දැන්වීම

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ‌උත්තරීතර දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය පූර්ණ සහාය ලබා දීමට ය. 

ඒ අනුව ඉදිරියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත්, විපක්ෂනායකවරයා ජයග්‍රහණය කරවීමට උපරිම සහාය දක්වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියා සිටියි. 

කඳුරට ජනතා විමුක්ති පෙරමුණේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න