අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතා කිරීමේ නිදහස බිලි නොගත යුතුයි

කතා කිරීමේ නිදහස බිලි නොගත යුතුයි

ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළි නොදීමට රටක් ලෙස ශ්‍රී ලංකාව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අවධාරණය කර සිටිනීය. සාමකාමී…

ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළි නොදීමට රටක් ලෙස ශ්‍රී ලංකාව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අවධාරණය කර සිටිනීය. 

සාමකාමී විරෝධතා ඔස්සේ ද, කලා නිර්මාණ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ද සිදු කරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ද ජූලී චන්ග් මහත්මිය පෙන්වා දෙන්නීය. 

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය මේ බව අවධාරණය කර සිටියේ, ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් වන අතර අධිකරණ අමාත්‍යංශය එම උත්සවය  සංවිධානය කර තිබිණ.

ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම වගේම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව ද සියලු දෙනාටම දැඩි බලාපොරොත්තුවක් තිබෙන බව පෙන්වා දෙන ජූලි චන්ග් මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය අභ්‍යන්තරයේ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසු වන බව ද අවධාරණය කර සිටින්නීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතා කිරීමේ නිදහස බිලි නොගත යුතුයි | Lanka Newsweek