අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කතානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

කතානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ දී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන නිසි පරිදි ක්‍රියාත්මක…

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ දී කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් සංශෝධන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

ඊට අමතරව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සේම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීම ද මෙම විශ්වාස භංග යෝජනාවට ඇතුළත් කර ඇත. 

මේ සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, මහාචාර්ය ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කළහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කතානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් | Lanka Newsweek