කතානායකට එරෙහිව ඒකාබද්ධයෙන් විශ්වාස භංගයක්

(අශන්ති වර්ණසුරිය) කතානායක කරු ජයසුරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊයේ (12) සහ පෙරේදා…
(අශන්ති වර්ණසුරිය)
කතානායක කරු ජයසුරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ඊයේ (12) සහ පෙරේදා රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ නිවසේදී රැස්වී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර අති බව දැන ගන්නට තිබේ.
දැන්වීම
මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගෙන් “lankanewsweek” කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
"ඔව්... කතානායකවරයෙක් වුණාම අපක්ෂපාති විය යුතුයි. නමුත් වත්මන් කතානායක කරු ජයසූරිය මහතා පසුගිය කාලය පුරාවටම ක්‍රියා කළේ පක්ෂපාතිවයි. මේ නිසා අපි මේ පිළිබදව ඒකාබද්ද විපක්ෂය ලෙස අප සාකච්ඡා කරනවා.ඒ අනුව ඉදිරියේදී කතානායකවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව අප සියලු පියවර ගන්නවා.