කටුවන විජිතවංශ හිමි තිළිණි ළඟ කෝටි දෙකහමාරක් ආයෝජනය කරලා

තිළිණියි-ජනාකියි සම්බන්ධ කළේ ගලගොඩඅත්තේ ඥානසාර තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර මතු වෙලා CID ය ගලගොඩඅත්තේ ඥානසාරගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි "තිළිණි-ජානකි" වංචාවේ මහා මොළකරු ඥානසාර..! නීල කාස කම්බ…
තිළිණියි-ජනාකියි සම්බන්ධ කළේ ගලගොඩඅත්තේ ඥානසාර
තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර මතු වෙලා
CID ය ගලගොඩඅත්තේ ඥානසාරගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි
"තිළිණි-ජානකි" වංචාවේ මහා මොළකරු ඥානසාර..!
නීල කාස කම්බ හොරුන් වන තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබෙන්නේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියම් විසිනි.
මේ දෙදෙනා අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සහ විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමග කූට ගනුදෙනු (Deal) සිදු කරමින් කෝටිපතියන් රැසක් තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන වෙත යොමු කර තිබෙන්නේ උන්වහන්සේ විසින් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
දකුණු කොරියාවේ සංඝ නායක තේගු ශ්‍රී ලංකා විහාරයේ විහාරාධිපති සහ මොරටුවේ වාළුකාරමධිපති කටුවන විජිත වංශ හිමියන් විසින් තිළිණි ප්‍රියමාලීගේ "Thico" සමූහ ව්‍යාපාරයේ රුපියල් කෝටි දෙකහමාරක් ආයෝජනය කර ඇති අතර උන්වහන්සේ එම මුදල් මෙසේ ආයෝජනය කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ බල කිරීම මතය.
දැන්වීම
මේ පසුබිම මත "Thico" සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගලගොඩඇත්තේ ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර මෙම සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ගලගොඩඇත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.