කටාර් චැරිටී ආයතනය මගින් දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම් ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී. මෙරට ආහාර…
කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම් ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී.
මෙරට ආහාර සුරක්ෂිතතාවය සැලකිල්ලට ගෙන මෙම පරිත්‍යාගය කර ඇති අතර කුරුණෑගල එළවළු ගොවීන් 1476ක්, මාතලේ ගොවීන් 1000ක් හා මොණරාගල ගොවීන් 1000කට එළවළු වගාව සඳහා මෙම පොහොර නොමිලයේ ලබා දීමට නියමිතය.
එම දිස්ත්‍රික්කවල ගොවියෙකුට යූරියා,මඩ පොහොර හා බන්ඩි පොහොර කිලෝ ග්‍රෑම් 25ක මිටියක් බැගින් ලබාදීමට නියමිතය.
මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දී ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්, කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මොහම්මඩ් එස්. එම්. අබුකලිෆ් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.