අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්

(හේමන්ත තුසිත කුමාර) ඕස්ට්‍රේලියාවෙන් විසින් ලංකාවේ බහුදින යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතියක් ඉදිකිරීමේ ආරම්භයක් ලෙස පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය පිරිනැමීම සිකුරාදා(16) පෙරවරුවේ ජනාධිපති…

(හේමන්ත තුසිත කුමාර)

ඕස්ට්‍රේලියාවෙන් විසින් ලංකාවේ බහුදින යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතියක් ඉදිකිරීමේ ආරම්භයක් ලෙස පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය පිරිනැමීම  සිකුරාදා(16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය භාර දෙනු ලැබීය.

නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා  ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස්  සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත් වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා ප්‍රකාශ කර ඇත

 යාත්‍රාවල සවි කෙරෙන සම්ප්‍රේෂක (Transponders) 4200ක්, නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වූ උපාංග හා සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිත ය.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් | Lanka Newsweek