ඔලිම්පික් පදක්කම් මාරුවූ කාන්තා මීටර් 5000

ඔලිම්පික් කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කෙන්යාවේ බියට්‍රිස් චෙබෙට් හට හිමි විය. මෙහි රිදී පදක්කම කෙන්යාවේ ෆෙත් කිප්වෙගොන් විසින් ජයග්‍රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය…
ඔලිම්පික් කාන්තා මීටර් 5000 ඉසව්වේ අවසන් තරගය ජයග්‍රහණය කෙන්යාවේ බියට්‍රිස් චෙබෙට් හට හිමි විය.
මෙහි රිදී පදක්කම කෙන්යාවේ ෆෙත් කිප්වෙගොන් විසින් ජයග්‍රහණය කළත් ඊට මොහොතකට පසුව ඇය තරගයේ නීති උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් ඇයගේ රිදී පදක්කම තෙවැනි ස්ථානය හිමි වූ නෙදර්ලන්තයේ සිෆාන් හසන් හට හිමිවිය.
මෙම තරගය අතරතුර ෆෙත් කිප්වෙගොන් සහ මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියාවේ ගුඩාෆ් සේගේ අතර යම් ගැටීමක් සිදු වූ අතර, මේ හේතුවෙන් ෆෙත්ට රිදී පදක්කම අහිමි විය.
දැන්වීම
නමුත් එම සිදුවීමෙන් පසුව ෆෙත් කිප්වෙගොන් විසින් තම රිදී පදක්කම වෙනුවෙන් නැවතත් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය අනුමත වීම නිසා ඇයට ඉසව්වේ රිදී පදක්කම ලැබෙන බව පසුව ප්‍රකාශ විය.
මෙවර ඔලිම්පික් තරගාවලිය ආන්දෝලනාත්මක එක්ක වී තිබේ.