ඔන් ලයින් ක්‍රමයට විභාග ප්‍රතිඵල
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඔන් ලයින් ක්‍රමයට විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීමේ ක්‍රමය අද (24 ) දින සිට ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි. ඒ අනුව මෙම පහසුකම සියලුම කලාප…
(නිලන්ති චන්ද්‍රසේන)
ඔන් ලයින් ක්‍රමයට විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීමේ ක්‍රමය අද (24 ) දින සිට ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම පහසුකම සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවලට අද දින සිට ක්‍රියාත්මක අතර මෙමගින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ගුරු විද්‍යාල ප්‍රවේශය යන විභාගවල ප්‍රතිඵල ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සනාථ කිරීම සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව සිසුන්ට සිය ප්‍රතිඵල ලේඛන කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් සනාථ කරගෙන ලබා ගැනීමේ හැකියාව පවතී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1