ඒ සාපය අනුර පස්සෙන් එනවා - බලන්න බොරුද කියලා

" මේ ව්යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දිය හැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අපි දෙවරක් කල්පනා කරන්නේ නැහැ.නමුත් අපි යථාර්ථයේ වේදනාකාරී සත්යයට මුහුණ දිය යුතුයි.අහිමි වූවන්…
" මේ ව්යසනයෙන් මිය ගිය සියලු දෙනාට නැවත ජීවිතය ලබා දිය හැකි නම් ඕනෑම කොන්දේසියකට යටත්ව එය ඉටු කිරීමට අපි දෙවරක් කල්පනා කරන්නේ නැහැ.නමුත් අපි යථාර්ථයේ වේදනාකාරී සත්යයට මුහුණ දිය යුතුයි.අහිමි වූවන් පිළිබඳ වේදනාව සදාකාලිකව අප අතර පවතිනවා.මිය ගිය සියලුදෙනා අපිට අංකයක් නොවෙයි.
සෑම ජීවිතයක් සමඟම නමක්,මුහුණක් සහ කතාවක් තිබෙනවා. මියගිය සියලු දෙනාගේ පවුල් වෙනුවෙන් හදවතින්ම අපගේ සාතිශය සංවේගය පිරිනමනවා.එය සංවේගයකට සීමා වන්නේ නැහැ.එම පවුල්වලට නැවත එම ජීවිත ලබා දිය නොහැකි වුවත්, සෙසු සියල්ල ලබා දීම වෙනුවෙන් අපි කැපවීමෙන් කටයුතු කරනවා."
- ජනාධිපති අනුර කුමාර දිසානායක -
■ රටේ රාළගේ සටහන.
මේ ජනාධිපති අනුර ඊයේ (30) ජාතිය අමතා කරපු කතාවේ කොටසක්. මේක අනුර තමන් අතින් සිද්ධවුන නැවත සකස් කරන්න බැරි වැරද්ද වහ ගැනීමට දරන නින්දිත උත්සාහය. මැරිච්චි අයට පණ දෙන්න බෑ තමයි. හැබැයි අනුර ඕක හිතන්න තිබුණේ උන් මැරෙන්න ඉස්සෙල්ලා.
දැන්වීම
අඩුම ගානේ ජාත්යන්තර කාලගුණ ආයතනවලින් රතු නිවේදන නිකුත් කරපු වෙලාවේ ඕක හිතන්න තිබුණා. එහෙමත් නැත්තං අපේ රටේ කාලගුණ විද්යා අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක අනතුරු අඟවපු වෙලේ ඒ ගැන හිතන්න තිබුණා.
එතකොට අනුරට මඳන යකා වැහිලා තිබුණද? මැරිච්චි මිනිස්සුන්ට පණ දෙන්න බෑ තමයි ඒත් උන් මැරෙන්න නොදී රැකගන්න තිබුණා. අනුර කියනවා මිය ගිය සියලුදෙනා අපිට අංකයක් නොවෙයි.සෑම ජීවිතයක් සමඟම නමක්,මුහුණක් සහ කතාවක් තියනවා කියලා.
ඔව් ඒක ඇත්ත.
ඒ හැම කතාවකම තියෙන්නේ ජනාධිපති අනුර කුමාර සහ ආණ්ඩුවේ නොසැලකිලිමත්කම විසින් අපිව බිලිදුන්නා කියලයි. අනුර ජාතියෙන් සමාව ඉල්ලන්න ඕනි. ඒ ආත්මයන් අනුරට සාප කරනවා.
ඒ සාපයෙන් ගැලවෙන්න අනුරට බෑ. ඒ සාපය අනුර පස්සෙන් එනවා. බලන්න බොරුද කියලා.