අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..!

ඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..!

මන්ත්‍රීවරුන් 18ක් මහින්දගේ අණ නොතකා හැරලා..! වාසු-දිනේෂ්-විමල්-උදය මහින්දගේ රැස්වීම මඟ හැරලා..! (රසික මහගෙදර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ…

මන්ත්‍රීවරුන් 18ක් මහින්දගේ අණ නොතකා හැරලා..!

වාසු-දිනේෂ්-විමල්-උදය මහින්දගේ රැස්වීම මඟ හැරලා..!

(රසික මහගෙදර)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ අට දෙනකු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ධූර පිළිබඳ ඡන්ද විමසීමේදී ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී දොස්තර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහතමිය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිට තිබේ.

මේ ඡන්ද විමසීමේ දී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබා දෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (05) උදේ කළ ඉල්ලීමට ප්‍රථමයෙන්ම විරෝධය පළ කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසකි.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය කැමැත්ත පරිදි තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇති මහින්ද රාජපක්ෂ මහතා අනෙකුත් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙන්නේ අනිවාර්යෙන්ම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට පක්ෂව සිය ඡන්දය ලබා දෙන ලෙසය.

කෙසේ නමුත් අවසානයේදී බලන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දහ අට දෙනකුම මේ ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම නොතකා ඇයට පක්ෂව ඡන්දය පාව්ච්චි කිරීමෙන් වැළකී සිට ඇත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (05) රාත්‍රියේ කොළඹ සිය නිවසේ කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට නොපැමිණ පක්ෂ නායකයින් ගණාවක් එම රැස්වීම මඟ හැරීම නිසා එම රැස්වීම මුළුමනින්ම අසාර්ථක වී තිබේ.

විවිධ හේතු කියමින් මේ රැස්වීමට නොපැමිණ ඒ අවස්ථාව මඟ හැර තිබෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,මහ ජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සහ වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඒකාබද්ධයේ පාලනය මහින්දගෙන් ගිළිහෙන ලකුණු..! | Lanka Newsweek