ඒකාබද්ධයේ කුමන්ත්‍රණය ගැන රාජිත ජනපතිට කරුණු දක්වයි

(සුසිල් පෙරේරා) මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හය වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ මුහුණ හමුවී දීර්ඝ…
(සුසිල් පෙරේරා)
මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හය වතාවක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ මුහුණ හමුවී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා කණ්ඩායමක් මුල සිටම ඒකාබද්ධ විපක්ෂය සමග එකට එක්ව ක්‍රියාත්මක කරමින් සිටින මේ කුමන්ත්‍රණය පිළිබඳව රාජිත සේනාරත්න මහතා සාක්කි සහ සාධක සහිතව ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීමේ සටන් පාඨයට මුව වී සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රධාන කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමග ක්‍රියාත්මක කරමින් සිටින මේ දේශපාලන කුමන්ත්‍රණයට අසු වුණොත් ජනාධිපතිවරයා ආණ්ඩුව අභ්‍යන්තරයේ ද දේශපාලන වශයෙන් ද තනි වනු ඇති බවට අනතුරු අඟවා ඇති රාජිත සේනාරත්න මහතා එසේ වුණොත් එක්සත් ජාතික පක්ෂයේ සහය ද අහිමි වනු ඇතැයි පෙන්වා දී තිබේ.