අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාධිපති විධායකය දූරියන් ගෙඩියක් වගේ

ඒකාධිපති විධායකය දූරියන් ගෙඩියක් වගේ

රටට-ජනතාවට හෙණ කටින මේ ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි විධායකය එපා-මහා සංඝ රත්නය සටන අරඹති වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ අවධාරණය කරති ඒකාධිපති විධායක ජනාධිපති පදවිය හරියට…

රටට-ජනතාවට හෙණ කටින මේ ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි

විධායකය එපා-මහා සංඝ රත්නය සටන අරඹති 

වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ අවධාරණය කරති  

ඒකාධිපති විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක් වගේ යැයි ද, රටට-ජනතාවට මහා විශාල බරක් වී ඇති මෙම ක්‍රමය වහාම අහෝසි කළ යුතු යැයි ද වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ අවධාරණය කරති. 

ඒකාධිපති විධායක ජනාධිපති පදවියට එරෙහිව මාදුළුවාවේ සෝහිත නා හිමියන් ආරම්භ කළ වැඩ පිළිවෙළ කඩාකප්පල් කිරීමට එදා සිටම පාලකයින් විවිධාකාර පියවර ගත් බව පෙන්වා දුන් මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ එම සටනේ දී මාදුළුවාවේ සෝහිත නා හිමියන්ගේ ජීවිතයට පවා බරපතළ තර්ජන එල්ල වූ බව ද ඒ සියලු අභියෝග හමුවේ උන්වහන්සේ තමා ගත් තීන්දුව වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි බව ද සඳහන් කළහ. 

වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියන් මේ බව අවධාරණය කර සිටියේ, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ විද්වත් කතිකාව" යන තේමාව යටතේ කොළඹ දී පැවති විශේෂ සම්මන්ත්‍රණයේ දී ය.

දැන්වීම

යහ පාලන ආණ්ඩු සමයේ විධායක ජනාධිපති පදවිය අහෝසි කර ගැනීමට නොහැකි වීම ගැන මාදුළුවාවේ සෝහිත හිමියන් දැඩිව කලකිරීමට පත්ව සිටි බවකී මුගුණවටවන සිද්ධත්ත හිමියෝ මාදුළුවාවේ සෝහිත හිමියන් නිතර කියා සිටියේ "රොටිය කර වෙනවා නෙමෙයි හාමුදුරුවනේ ඒක ඇට්ටකුණා වෙනවා" යනුවෙන් යැයි ද සිහිපත් කළහ. 

මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ සභාවේ සිනා මැද මෙසේ ද කීහ. "විධායක ජනාධිපති පදවිය අහෝසි කරන එක ලේසියි කියලා මම හිතන්නේ නැහැ. ඒක හරියට දූරියන් ගෙඩියක් වාගේ. අල්ලන්න අමාරුයි. කටු පිරිලා. දුර්ගන්ධය ඉතිරෙනවා. කටුව ඝනයි. ඒත් බොහොම අමාරුවෙන් හරි ලෙල්ල ඇර ගත්තොත් රස මිහිරියි. හරිම ප්‍රනීතයි. අහක දාන්න හිතෙන්නෙම නැහැ. ඒ නිසා මේ විධායකයේ රස එක මොහොතක් හරි වින්ඳ කෙනෙක් ඒක අත අරින්න කැමැති වෙන්නේ නැහැ. ඒ නිසා මාස හයක් නෙමෙයි, එක විනාඩි හයක් වත් දෙන්න හොඳ නැහැ. විධායක බලයේ රස එක මොහොතකට හරි දැනුනොත් ඒක අහෝසි කරන කතා බොරු. ඒ නිසා අපිට පුළුවන් විය යුතුයි මේ ක්‍රමය කෙසේ හෝ ඉවර කරලා දාන්න. තල්ලු කරලා දාන්න" 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ඒකාධිපති විධායකය දූරියන් ගෙඩියක් වගේ | Lanka Newsweek