ඒකාධිපති විධායකය අහෝසි කරන්න කරූ එක්ක සියලු දෙන පෙරට එති

කරූගේ ඉල්ලීමෙන් මහා සංඝ රතනය ද සටනට එක් වෙති පක්ෂ-විපක්ෂ සියලු දෙනා කරූ සමග අත්වැල් බැඳ ගනිති රාජිත-දයාසිරි-මනෝ-රංජිත්-ඉරාන් සහ ෆවුසිත් ඒ අතර කරූගේ සටනට යෝධ බල-යෝධ ශක්තිය "ජනතාවට වග වන යුක්ති ගරුක…
කරූගේ ඉල්ලීමෙන් මහා සංඝ රතනය ද සටනට එක් වෙති
පක්ෂ-විපක්ෂ සියලු දෙනා කරූ සමග අත්වැල් බැඳ ගනිති
රාජිත-දයාසිරි-මනෝ-රංජිත්-ඉරාන් සහ ෆවුසිත් ඒ අතර
කරූගේ සටනට යෝධ බල-යෝධ ශක්තිය

"ජනතාවට වග වන යුක්ති ගරුක රටක් උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු" යන සටන් පාටය යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විසින් සංවිධානය කරනු ලැබූ විද්වත් සම්මන්ත්‍රණය කොළඹ "ජානකී" හෝටලයේ දී බ්‍රහස්පතින්දා (18) අභිමනවත්වත් පැවැත්විණ.
ඒකාධිපති විධායකය අහෝසි කිරීම සඳහා දේශබන්දු කරු ජයසූරිය මහතා ගෙන යන සටනට යෝධ බල-යෝධ ශක්තිය ලබා දෙමින් මහා සංඝ රත්නය ප්‍රධාන සර්වාගමික නායකයින් ද, පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් සහ සිවිල් සමාජ නායකයින් ඇතුළු රටට-ජනතාවට වග කියන සෑම ක්ෂේත්‍රයකම විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටීම විශේෂ සිද්ධියක් විය.
දැන්වීම
රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය, දේශපාලනික වශයෙන් මෑත කාලයේදී ලබා ඇති පරිහානිය දූෂණය, වංචාව සහ අක්‍රමිකතාවය බරපතළ ලෙස සමාජ දේහයට කිඳා බැසීම කෙරෙහි විධායක ජනාධිපති ක්‍රමය ඉවහල්ව ඇති ආකාරයමෙහිදී පුළුල් ලෙස සාකච්ජාවට ලක් කෙරිණ.
ඒමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම සහ ඒ වෙනුවෙන් ජනතාවගේ වගවීමක් ඇති ආණ්ඩුකරණයක් නිර්මාණය කර ගැනීමට නම් අද වන විට ශ්‍රී ලංකාවේ බලාත්මකව පවතින ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කෙරුණේ ඒකාධිපති විධායකයට එරෙහි කරු ජයසූරිය මහතාගේ සටනේ ප්‍රතිඵලයක් ලෙසය.
අධිකරණ සුපිළිපන්නභාවය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය පත් කළ කණ්ඩායමේ හිටපු සම්බන්ධිකාරක සහ හොංකොං විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ හිටපු මහාචාර්ය ආචාර්ය නිහාල් ජයවික්‍රම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරු එහිදි විශේෂ දෙසුම් පැවැත් වූහ.
ඊට අමතරව ශ්‍යාමෝපාලි මහා නිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක තිස්සව රජ මහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නා හිමියෝ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය මහතා ද එහිදි අදහස් දක්වමින් විධායක ජනාධිපති ක්‍රම අහෝසි කිරීමේ ඇති අවශ්‍යතාවය පෙන්වා දුන්හ.
මේ අවස්ථාවට සර්ව ආගමික නායකයන් රැසක්ද, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, එරාන් වික්‍රමරත්න, ඒ.එච්.එම් ෆවුසි, මනෝ ගනේෂන් සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද ඇතුළු දේශපාලන පක්ෂ-විපක්ෂ නියෝජිතයන් ගණනාවක්ද සිවිල් සහ දේශපාලන සංවිධාන නායකයන් රැසක්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



