ඒකාධිපති විධායකයට එරෙහිව කරූ මහා සංඝ රත්නය පෙළ ගස්වයි

නුවර කලාවියේ මහා නා හිමිවරුන් හමු වෙයි කරූගේ ජාතික-ආගමික සහ සමාජීය මෙහෙවරට මහා සංඝ රත්නයේ ආශීර්වාදය රට වෙනුවෙන් ඒකාධිපති විධායකය අහෝසි කිරීමේ අවශ්‍යතාවය කරූ මතු කරයි මහා සංඝ රත්නය එකඟ වෙයි…
නුවර කලාවියේ මහා නා හිමිවරුන් හමු වෙයි
කරූගේ ජාතික-ආගමික සහ සමාජීය මෙහෙවරට මහා සංඝ රත්නයේ ආශීර්වාදය
රට වෙනුවෙන් ඒකාධිපති විධායකය අහෝසි කිරීමේ අවශ්‍යතාවය කරූ මතු කරයි
මහා සංඝ රත්නය එකඟ වෙයි
ජනපතිවරණයකට මහා සංඝ රත්නය ඉඩ දෙයි ද..?
ආගමික, සමාජීය සහ දේශපාලනික වශයෙන් අද වන විට රට මුහුණ දෙමින් සිටින අභියෝග කිහිපයක් පිළිබඳව මහා සංඝ රත්නය සමග සාකච්ඡා කිරීම සඳහා හිටපු කතා නායක සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා 2024 ජනවාරි 22 සහ 23 යන දිනයන් හී අනුරාධපුර අටමස්ථානයට අයත් විහාරස්ථාන ගණනාවකම සංචාරයක නිරත විය.
ඒ සෑම ආගමික ස්ථානයකදීම දේශබන්දු කරූ ජයසූරිය මහතා වෙත ආශිර්වාදාත්මක පිළිගැනීමක් හිමිවූ අතර, මේ වන විට ජාතික සහ සාමාජීය වශයෙන් සිදු කරන මැදිහත්වීම් පිළිබඳව අගය කිරීමක්ද සිදු විය.
ඒ අනුව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන, රුවන්වැලි මහා සෑ චෛත්‍යාධිකාරී ඊතනවැටුණුවැවේ ඥාණරතන, සහ ඉසුරුමුණිය රජ මහා විහාරාධිපති මතව ශ්‍රී සුංමගල යන නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝයා වහන්සේලා ගණාවක්ම බැහදුටු කරු ජයසූරිය මහතා ආගමික වශයෙන් සැලකීමේදී බුද්ධ ශාසනයට එරෙහිව සංවිධානත්මක ලෙස මතු කරන කුමන්ත්‍රණ පරාජය කිරීමේ අවශ්‍යතාවය ගැන සාකච්ඡා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
දැන්වීම
එමෙන්ම ජාතික වශයෙන් ජාතීන් සහ ආගම් අතර සහජීවනය සඳහා ගිහි පැවිදි දෙපාර්ශවය අතර ඒකාබද්ධ උත්සාහයක ඇති අවශ්‍යතාවය සේම දේශපාලනික වශයෙන් රටේ අනාගත යහපත උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමේ අවශ්‍යතාවය ද මහා නා හිමිවරුන් හමුවේ පෙන්වා දුන්නේය.
කරූ ජයූරිය මහතාගේ අනුරාධපුර සංචාරයේ දෙවැනි දිනයෙහි විශේෂත්වයක් වූයේ මිහින්තාලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන සහ ශ්‍රී ලංකා භික්ෂූ විශ්ව විද්‍යාලයේ උප කුලපති කනත්තගොඩ සද්ධාරතන නා හිමිවරුන් ඇතුළු පාලක මණ්ඩලයේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග සිදු කළ විශේෂ සාකච්ඡාවන්ය.
එහිදි රට මේ වන විට මුහුණපා ඇති තත්ත්වය පිළිබඳව එකී දෙපාර්ශවයේම අවධානය ගැඹුරින් යොමු කරවමින් කරුණු දැක්වූ කරු ජයසූරිය මහතා රටේ අනාගතය යහපත් කර ගැනීමට නම් ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.
කරූ ජයසූරිය මහතාගේ මෙම සංචාරයේදී ජේතවනරාම විහාරයේ විහාරාධිකාරි නායක ස්වාමින් වහන්සේ, තන්තිරිමලේ රජ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නායක ස්වාමින් වහන්සේ, ජයන්ති විහාරයේ විහාරාධිපති නුගතැන්නේ පඤඤානන්ද නායක ස්වාමින් වහන්සේ, සාරානන්ද පිරිවෙන් විහාරාධිපති උඩගබ්බල ඥාණාලෝක නායක ස්වාමින් වහන්සේ, අනුරාධපුර සිරිසඟ බෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩගබ්බල ඥාණාලෝක නායක ස්වාමින් වහන්සේ, අළුත්බෝගමුව සද්ධාරතන නායක ස්වාමින් වහන්සේ, එප්පාවල කෙත්තාරාමාධිපති මහමන්කඩවල පියරතන නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනුරාධපුර පූජනීය නගරයේ නායක ස්වාමින් වහන්සේලා බොහෝ පිරිසක් බැහැදකිමින් ආශිර්වාදාත්මක අනුශාසනා ලබා ගත්තේය.