අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාධිපති රෙජීමයේ “හෙජිං”සුදුවේ සමස්ථ පාඩුව 2018 වන විට කෝටි 1450යි..!

ඒකාධිපති රෙජීමයේ “හෙජිං”සුදුවේ සමස්ථ පාඩුව 2018 වන විට කෝටි 1450යි..!

(සුමුදු පෙරේරා) මහින්ද රාජපක්ෂ පාලන යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මගින් අත්සන් කෙරුණු ඉදිරි සුරැකුම්පත් ගිවිසුම හෙවත් “හෙජිං” ගිවිසුම මගින් 2018 දෙසැම්බර් 31 වන විට ශී‍්‍ර ලංකාවට දැරීමට සිදුවී…

(සුමුදු පෙරේරා)

මහින්ද රාජපක්ෂ පාලන යටතේ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාව මගින් අත්සන් කෙරුණු ඉදිරි සුරැකුම්පත් ගිවිසුම හෙවත් “හෙජිං” ගිවිසුම මගින් 2018 දෙසැම්බර් 31 වන විට ශී‍්‍ර ලංකාවට දැරීමට සිදුවී ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 14.5ක් පමණ වන බව ශී‍්‍ර ලංකා මහා බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මේ “හෙජිං” ගනුදෙනුවේ නීති කටයුතු සදහා ශී‍්‍ර ලංකා මහා බැංකුව රුපියල් මිලියන 571 මුදලක් වැය කොට ඇති අතර ශී‍්‍ර ලංකාවට එරෙහිව “ඩොයිස් බැංකුව” මගින් පැන වුණු බේරුම් කි‍්‍රයාවලිය සදහා පෙනී සිටි විදේශීය නීතිවේදීන්ගෙන් ලබාගත් සේවාවන්වලටද රුපියල් මිලියන 404ක මුදලක් ගෙවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින්  2012 දෙසැම්බර් මාසයේදී “හෙජිං” ගනුදෙනුව පිළිබදව සිදු කෙරුණු විශේෂ විමර්ශනයකදී ලැබී තිබූ ශේෂ තහවුරු කිරීමේ ලිපිවලට අනුව මහජන බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 27.7ක් සහ  කොමර්ෂල් බැංකුවට ඇමෙරිකානු ඩොලර් මිලියන 8.65ක මුදලක් පොලිය හැර ගෙවිය යුතුව තිබුණු නමුත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය ප‍්‍රකාශනයන්හි එම මුදල් පිළිබදව කිසිදු සටහනක් දක්වා නොතිබූ බව එම විමර්ශනයට සහභාගී වූ විගණන නිලධාරියෙක් “lankanewsweek”සමග පැවසීය

ඒකාධිපති රෙජීමයේ “හෙජිං”සුදුවේ සමස්ථ පාඩුව 2018 වන විට කෝටි 1450යි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඒකාධිපති රෙජීමයේ “හෙජිං”සුදුවේ සමස්ථ පාඩුව 2018 වන විට කෝටි 1450යි..! | Lanka Newsweek