අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඒකාධිපති රෙජිමයට එරෙහිව මෛත්‍රී-චන්ද්‍රිකා යළි එක් වෙති..!

ඒකාධිපති රෙජිමයට එරෙහිව මෛත්‍රී-චන්ද්‍රිකා යළි එක් වෙති..!

දෙපාර්ශවය අතර තීරණාත්මක හමුවක්..! විනාඩි 45ක් කතා කරලා..! මෛත්‍රී ආරක්ෂා කරන බවට චන්ද්‍රිකා සහතික වෙයි..! ඒකාධිපති රෙජිමයට එරෙහිව පොදු එකඟතාවයකට පැමිණෙති..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රිපාල…

දෙපාර්ශවය අතර තීරණාත්මක හමුවක්..!

විනාඩි 45ක් කතා කරලා..!

මෛත්‍රී ආරක්ෂා කරන බවට චන්ද්‍රිකා සහතික වෙයි..!

ඒකාධිපති රෙජිමයට එරෙහිව පොදු එකඟතාවයකට පැමිණෙති..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අතිශය විශේෂ සහ තීරණාත්මක හමුවක් බ්‍රහස්පතින්දා  (22) කොළඹදී රාත්‍රියේ සිදුව තිබේ.

රටේ උද්ගත වී තිබෙන වත්මන් දේශපාලන අර්බුදය,ඉදිරි ජනාධිපතිවරණය,ජනාධිපති අපේක්ෂකයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය වගේම දේශපාලන උපාය,උපක්‍රම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කෙරුණු මේ හමුව විනාඩි හතළිස් පහකට අධික කාලයක් පැවත තිබේ.

ජනාධිපතිවරණයේදී යහපාලන දේශපාලන කඳවුරේ ජයග්‍රහණය වෙනුවෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට එරෙහිව කිසිදු බියකින් සහ සැකයකින් තොරව ඍජුව සිටිමින් තීන්දු තීරණ ගෙන ක්‍රියා කරන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලිමක කර ඇති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 2015 සිට මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂා කළා වගේම ඉදිරි අනාගතයේදීත් එසේම ආරක්ෂා කිරීමට සියලු පාර්ශවයන් ඇප කැප වී සිටින බවට ද ඔහු හමුවේ සහතික වී ඇත.

දැන්වීම

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාධිපති රාජපක්ෂ රෙජීමය ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවිධ දේශපාලන උපාය උපක්‍රම පාවිච්චි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලට රිංගා බලය අල්ලා ගෙන යළි හිස එසවීමට මාන බලන බව මෙහිදී පෙන්වා දී ඇති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට කිසි සේත් ඉඩ නොතැබිය යුතු බව ද අවධාරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන යන දේශපාලන ව්‍යාපාරය සහ ඔහු අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා උත්සහ දරමින් සිටින බවට පැතිර යන ආරංචි හේතුවෙන් යහපාලන දේශපාලන කඳවුර අභ්‍යන්තරයේ උද්ගත් වී තිබෙන අර්බුදය වගේම ඒ හේතුවෙන් එක්ධිපති රාජපක්ෂ රෙජිමයට අත් විය හැකි දේශපාලන වාසි සම්බන්ධයෙන් ද හිටපු ජනපතිනිය,වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවදානය යොමු කරවා ඇත.

ඉතා ම සුහදශීලි සහ අතිශය තීරණාත්මක ලෙස පැවති මේ සාකච්ඡාවේදී රටේ අනාගත දේශපාලන දිශානතිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් දෙපාර්ශවය පුළුල් අවබෝධයකට සහ පොදු එකඟතාවයකට පැමිණ තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න