අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න බැහැ

එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න බැහැ

බුද්ධිමත්ව ක්‍රියා නොකොළොත් රටයි-බඩයි දෙකම නැති වේවි අපට අවශ්‍ය කතාව නොව ක්‍රියාවයි රනිල්-එජාපය හැර විකල්පයක් නැහැ එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න නොහැකි යැයි ද, මේ තීරණාත්මක මොහොතේ බුද්ධිමත්ව…

බුද්ධිමත්ව ක්‍රියා නොකොළොත් රටයි-බඩයි දෙකම නැති වේවි 

අපට අවශ්‍ය කතාව නොව ක්‍රියාවයි 

රනිල්-එජාපය හැර විකල්පයක් නැහැ 

එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න නොහැකි යැයි ද, මේ තීරණාත්මක මොහොතේ බුද්ධිමත්ව ක්‍රියා නොකළ හොත් යළිත් වතාවක් රටයි-බඩයි දෙකම නැති වනු ඇතැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.  

රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන අදහස් දක්වමින් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද පවසයි.

"සෑම දේශපාලන නායකයෙකුම පැන දුවද්දී, රට-ජනතාව වෙනුවෙන් අභියෝගය භාර ගත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අපට අවශ්‍ය වන්නේ කතාව නොව ක්‍රියාවයි. කඩා වැටුණු සහ බංකොලොත් වුණු රටක් ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියා අප ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

දැන්වීම

කයිවාරු නොගසා, සිහින ලෝකවල නොසිට ප්‍රායෝගිකව මහා පොළවේ පය ගසා අප ඉදිරියට යා යුතු අතර එසේ නොවුණොත් මේ රට ගොඩගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මේ කයිවාරුකරයින්ට දර්ශනයක් හෝ වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය හැර විකල්පයක් ඇත්තේ නැහැ.

ඔළු ගෙඩිවලින් රටේ දේශපාලන යථාර්ථය සහ ජන මතය පිළිබිඹු වන්නේ නැහැ. ඔළු ගෙඩිවලින් පිට්ටනි පුරවන අයගේ ඡන්ද ප්‍රතිඵල දුටුවාම ඒ බව මනාව පැහැදිලි වනවා. ඒ වගේම "L" බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න බැහැ. මේ තීරණාත්මක මොහොතේ රට ගැන සිතා බුද්ධිමත්ව ක්‍රියා කරන්නැයි ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. එසේ නොවුණොත් යළිත් වතාවක් රටයි-බඩයි දෙකම නැති වේවි." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එල් බෝර්ඩ්කාරයින්ට රටක් ගොඩනගන්න බැහැ | Lanka Newsweek