අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එයාල ලොකු පවුල් වල අය - අපි පොඩි පවුල් වල අය

එයාල ලොකු පවුල් වල අය - අපි පොඩි පවුල් වල අය

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ හලාවත නගරයේදී පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ පොරොන්දු දේශපාලනයක් නොව රට සෑබෑ ලෙසම ගොඩනැගිය හැකි…

ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ හලාවත නගරයේදී පැවති ජන රැලියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ පොරොන්දු දේශපාලනයක් නොව රට සෑබෑ ලෙසම ගොඩනැගිය හැකි පාලනයක් බිහිකර ගතයුතු බව යි.

එහිදී අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"මැතිවරණ වේදිකාව දෙස බලනකොටම පේන්නේ නත්තල් කාලේ වගේ.

දැන්වීම

අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. වේදිකාවට නඟිනවා. යන යන තැන දකින දේ දෙනවා කියනවා.

දැන් එතකොට මෙච්චරකල් ආණ්ඩු කළේ අපිද?

දැන් අවුරුදු 70 ගණනක් තිස්සේ ඡන්දයක් එනකොට මේ අය ඇවිල්ලා දුප්පත්කම අළෙවි කරනවා.

අපි ආවේ දුප්පත්කම විකුණන දේශපාලනය වෙනුවට දුප්පත්කම තුරන් කරන දේශපාලනයක් මේ රටේ ඇති කරන්න.

අපිට බලය දෙන්න අපේ තියෙන ඇදේ මොකක්ද?

අපේ තියෙන්නේ එක අඩුවයි. එයාලා ලොකු පවුල්වල.අපි පොඩි පවුල්වල"

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එයාල ලොකු පවුල් වල අය - අපි පොඩි පවුල් වල අය | Lanka Newsweek