අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

එන්නත් ගෙන්වන්න කියද්දී පැණියක් ප්‍රවර්ධනය කළා

එන්නත් ගෙන්වන්න කියද්දී පැණියක් ප්‍රවර්ධනය කළා

මෙතරම් ව්‍යසනයක් රටට සිදුවී තිබියදීත් ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් බවත්, ආණ්ඩුව පැමිණි වහාම අත්තනෝමතික ලෙස ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් සිදු කළ අදුරදර්ශී ආර්ථික…

මෙතරම් ව්‍යසනයක් රටට සිදුවී තිබියදීත් ආණ්ඩුව රට වසා නොදමන්නේ ජනතාවට සහන දෙන්නට වේ යැයි යන බියෙන් බවත්, ආණ්ඩුව පැමිණි වහාම අත්තනෝමතික ලෙස ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් සිදු කළ අදුරදර්ශී ආර්ථික ක්‍රියා පිළිවෙත හේතුවෙන් මේ වන විට ආණ්ඩුවට මුදල් නොමැති වී ඇති බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත්තේ ඉරිදා(08) පෙරවරුවේ දෙබරවැව මැණික් රජ මහා විහාරස්ථානයට පැමිණි මොහොතේදී වන අතර එහිදී ඔහු, විහාරාධිපති ශාස්ත්‍රපති, පූජ්‍ය පාද තංගල්ලේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රටේ පවතින වත්මන් තත්වය පිළිබඳව ද එහි දී නාහිමිපාණන් වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමතක නොකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසා සිටියේ, එන්නත් නොගත් හෙයින් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වන බව ප්‍රකාශ කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවය.

දැන්වීම

තමන් පුන පුනා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිද්දීත් මෙරටට එන්නත් ගෙන ඒම ආණ්ඩුව  කල් දැමූ  බවද, ඒ වෙනුවට, මුට්ටි දැමීම්, පැණි ප්‍රවර්ධනය කිරීම් වැනි මිථ්‍යා ක්‍රියාකාරකම් ආණ්ඩුව විසින් සිදු කල බවත් මේ සිදු වන අපරාධයෙන් කිසිවෙකුටත් ගැලවිය නොහැකි බවද ඒ මහතා පැවසීය. 

මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය අතිශයින්  බරපතළ බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,අන් කවරදාටත් වඩා ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න