අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය

එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ. වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ…

එඩින්බරා විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට අයත් හිස්කබල් නවයක් නැවත ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබේ.

වසර 200කට වඩා පැරණි විය හැකි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයෝ පවසති. සියවසකට පෙර ලබා ගත් මෙම අස්ථි විශ්වවිද්‍යාලයේ ව්‍යූහ විද්‍යා අංශයේ කොටසක් ලෙස තැන්පත් කර තිබිණි. විශ්වවිද්‍යාලයේ 'ප්ලේෆෙයා' පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයක දී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට මෙම හිස්කබල ප්‍රදානය කර ඇත.

"වැදි සමාජය තුළ මරණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. අපෙන් වෙන්ව ගිය අයට ගෞරවයක් වශයෙන් සෑම වසරකම අපි විශේෂ උත්සවයක් පවත්වනවා," ආදිවාසී නායකයා පැවසීය.

දැන්වීම

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය

 "ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා"

"මේ ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණත්, ඔවුන්ගේ ආත්මය අපි සමඟ ශ්‍රී ලංකාවේ රැඳී සිටියා."

"ඔවුන්ගේ ආත්මය සමඟ මේ ශරීර කොටස් එකතු කිරීම ගැන මම විශ්වවිද්‍යාලයට ස්තුති කරනවා. මෙය මගේ මිනිසුන්ට අති විශේෂ අවස්ථාවක්," ඔහු තවදුරටත් පැවසුවේය.

විවිධ ද්‍රව්‍යය 12,000ක් පමණ තැන්පත් කර ඇති විශ්වවිද්‍යාලයේ අදාළ අංශයට මෙම හිස්කබල ලැබුණ ආකාරය අපැහැදිලිය.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වැදි ජනයා කරන ප්‍රකාශය නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ ජර්මනියේ සහ එඩින්බරා පරීක්ෂකයෝ පවසති.

වැදි ජනයා සිය මුල් යුගයේ දී වැසි වනාන්තර තුළ දඩයම් කරමින් තනිව ජීවත් වූ කොටසක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.

විශ්වවිද්‍යාලය මෙම හිස්කබල වැදි ජනයාට නැවත භාර දීමට සිදු කළ යෝජනාව ඔවුහු පිළිගත්හ.

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය

වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදිවාසීන් සැලසුම් කර තිබේ.

ඉඩම් අහිමි වීම සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් ආදිවාසීන්ගේ සාම්ප්‍රදායක ජීවන රටාව තවත් පරම්පරා දෙකක් ඇතුළත අභාවයට යනු ඇතැයි පරීක්ෂකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් එඩින්බරා විශ්වවිද්‍යාලයට පැමිණීම ගැන තමන් දැඩි ලෙස සතුටු වන බව ව්‍යූහ විද්‍යා අංශයේ සභාපති මහාචාර්ය ටොම් ගිලින්වෝටර් පැවසීය.

"අපේ අංශයේ තිබෙන විවිධ ද්‍රව්‍යය පරීක්ෂණ සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා ද නිතර භාවිත කරනවා," මහාචාර්යවරයා පැවසීය.

"සංස්කෘතික වටිනාකමක් මෙන්ම වැදි ජනයාගේ ඉතිහාසය ගැන ඉදිරි පරම්පරාවලට දැනගත හැකි මේ වගේ දේවල් නැවත ලබා දෙන්නට හැකි වීම ගැන අපි සතුටු වෙනවා," ඔහු පැවසුවේය.

-BBC-සිංහල-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල් නවය | Lanka Newsweek