අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා

එජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා

රුපියලේ බාල්දුව හේතු වෙලා රු. 20 ට තිබුණු සාමාජික පත රු. 100 වෙලා සාගල රත්නායකගේ යෝජනාවක්..! "පාන් ගෙඩියක් ගන්න රු.100ක් නැති මිනිස්සු 100ක් දී එජාපයට එයිද" සාමාජික ප්‍රවර්ධනය අසාර්ථක වෙලා..! කාලයක්…

රුපියලේ බාල්දුව හේතු වෙලා 

රු. 20 ට තිබුණු සාමාජික පත රු. 100 වෙලා

සාගල රත්නායකගේ යෝජනාවක්..!

"පාන් ගෙඩියක් ගන්න රු.100ක් නැති මිනිස්සු 100ක් දී එජාපයට එයිද"  

සාමාජික ප්‍රවර්ධනය අසාර්ථක වෙලා..!

එජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා

කාලයක් මුළුල්ලේ රුපියල් 20 ට පැවැති එක්සත් ජාතික පක්ෂ සාමාජික පතක ගාස්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100 දක්වා, එනම් 400%කින්  වැඩි කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.

සාමාජික පත්‍රයක ගාස්තුව මෙසේ රුපියල් 100කින් වැඩි කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබෙන්නේ එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ යෝජනාවකට අනුව වන අතර එම පක්ෂයේ සාමජික ප්‍රවර්ධන වැඩ සටහන භාරව සිටින්නේ ද ඔහුය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන කොළඹ දිස්ත්‍රික්කය මුල් කර ගෙන ගෙවුණු සතියේ දී ආරම්භ කෙරුණත් අපේක්ෂිත ඉලක්කය කරා යාමට සාගල රත්නායක මහතා ප්‍රධාන කණ්ඩායමට නොහැකි වී තිබෙන අතර ඊට හේතු වී තිබෙන්නේ රුපියල් 100ක් දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු වීමට බොහෝ පිරිස් අදිමදි කිරීමය. 

මේ සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික යොවුන් පෙරමුණේ තරුණයෙකු ප්‍රශ්න කර සිටියේ, පාන් ගෙඩියක් ගන්න රුපියල් 100ක් නැති අන්ත අසරණ මිනිස්සු රුපියල් 100ක් දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජික පත්‍රයක් මිල ගනී ද යනුවෙනි.  

එජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප සාමාජිකත්වයේ මිලත් සියයට 400 කින් නැගලා | Lanka Newsweek