අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප-සජබ එකතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා මෙහෙයුම සාර්ථක වෙයි

එජාප-සජබ එකතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා මෙහෙයුම සාර්ථක වෙයි

(කසුන් ලමාහේවා) එජාප-සජබ පාක්ෂිකයෝ ජය ගනිති එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් කොළඹ "TAJ" හෝටලයේ "COLOMBO CLUB"හී දී බදාදා (30) දහවල් සාර්ථක ලෙස පැවැත්විණ. ඊට සමගි…

(කසුන් ලමාහේවා) 

එජාප-සජබ පාක්ෂිකයෝ ජය ගනිති 

එජාප-සජබ එකතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා මෙහෙයුම සාර්ථක වෙයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් කොළඹ "TAJ" හෝටලයේ "COLOMBO CLUB"හී දී බදාදා (30) දහවල් සාර්ථක ලෙස පැවැත්විණ.

ඊට  සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම් සහ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ. 

දැන්වීම

එම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ අපගේ මාතෘ භූමිය මුහුණ දෙන අභියෝගයන් සහ ජාතික අරමුණු ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සාක්ෂාත් කර ගත හැකි නව්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පිළිබඳ ඵලදායී වූ ධනාත්මක සාකච්ඡා පැවති බවය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු වනවාට විපක්ෂය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතා විරුද්ධ බවට කාලයක් මුළුල්ලේ විවිධ චෝදනා එල්ල කෙරුණත් මේ සාකච්ඡාව මේ තරම් සාර්ථක කර දේශපාලන පක්ෂ දෙකෙහිම පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු සඵල කිරීමට ක්‍රියා කර ඇත්තේ ඔහුය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කියා තිබුණේ මේ දේශපාලන පක්ෂ දෙක මේ අවුරුද්ද අවසන් වීමට පෙර එකට එකතු කිරීමට තමා කටයුතු කරන බවය. ඊට සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ මේ සාකච්ඡාව සඳහා තාමාම සහභගී වන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න