අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට..!

එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට..!

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.…

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

මෙලෙස පක්ෂයෙන් ඉවත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, අශෝක් ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ මහත්වරුන් වේ. 

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට වන  අදාළ ලිපි  මන්ත්‍රීවරුන් පස්දෙනා වෙත ඊයේ (24)  ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කළ මන්ත්‍රීවරු 5 ක් ඉවතට..! | Lanka Newsweek