එජාප මැතිවරණ සටන අද මහා නුවරින්..!

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මහනුවරින් අද (18) නිල වශයෙන් ආරම්භ කෙරේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ ප්‍රථම ජන රැලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය මහනුවරින් අද (18) නිල වශයෙන් ආරම්භ කෙරේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික මට්ටමේ ප්‍රථම ජන රැලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහා නුවර මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද (18) සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“පළාත් පාලන මැතිවරණය සඳහා අප සියලු ජාතීන් සහ ආගම නියෝජනය කරන පිරිසිදු අපේක්ෂක අපේක්ෂිකාවන් ඉදිරිපත් කරලා තියෙනවා.මේ ආණ්ඩුව 2025 වන තුරු ඉදිරියට යනවා .මේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනක් ආරම්භ කරනවා.” යැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.