එජාප පළාත් පාලන මන්ත්‍රීවරු ප්‍රතිසංසකරණ වාදීන් වටා එක් වෙති

කරූ-රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ රුවන්-වජිර-අකිල-රංගේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා එජාප නව නිලධාරීන් එක්ක ගමනක් නැහැ (ප්‍රමෝධ්‍යා ලියනගේ) එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්…
කරූ-රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ
රුවන්-වජිර-අකිල-රංගේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා
එජාප නව නිලධාරීන් එක්ක ගමනක් නැහැ
(ප්‍රමෝධ්‍යා ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරය එම පක්ෂයේ ප්‍රතිසංස්කරණ වාදීන් වන රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මත්වරුන් ප්‍රධාන කණ්ඩායම සමග එකට ඒකරාශී වෙමින් සිටිති.
එමෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා කෙරෙහි විශාල විශවාසයක් පළ කර සිටින එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් බහුතරය පෙන්වා දෙන්නේ, දේශබන්දු කරු ජයසූරිය-රවී කරුණානායක-නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන්ගෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් නොමැති බවය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තරයේ ප්‍රතික්ෂේප කර සිටින එම පළාත් පාලන මන්ත්‍රීවරුන් කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ උප නායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ව ජනතාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර එම නිලධාරී මණ්ඩලය එක්ක එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බවය.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙය වීමට නම් දේශබන්දු කරු ජයසූරිය, රවී කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් පෙරට ආ යුතු බව ද එම පළාත් පාලන මන්ත්‍රීවරු වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.
