එජාප නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි

ලස්සන කාන්තාවන්ට කොකන් පාන මේ එජාප නිලධාරියා කවුද..? එළියේ දී පුද්ගලිකව හමු වෙමු යැයි යෝජනා කරනවා ලු..! එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙළේ ප්‍රබලම නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලමින් ඔවුන්ට…
ලස්සන කාන්තාවන්ට කොකන් පාන මේ එජාප නිලධාරියා කවුද..?
එළියේ දී පුද්ගලිකව හමු වෙමු යැයි යෝජනා කරනවා ලු..!
එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙළේ ප්‍රබලම නිලධාරියෙකු කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලමින් ඔවුන්ට ලිංගික වශයෙන් බලපෑම් කරන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් "lankanewsweek" වෙත තොරතුරු වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් වැඩක් කර ගැනීම සඳහා "සිරිකොත" පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලස්සන සහ සුරුබුහුටි කාන්තාවන්ට එළියේ හමු වෙමු යැයි යෝජනා කරමින් එම කාන්තාවන්ට ලිංගික වශයෙන් බලපෑම් කරන බව කියන මේ නිලධාරියා ඔවුන්ගේ ජංගම දුරකථන අංක ඉල්ලා ගනිමින් එම දුරකථනවලට අයුතු කෙටි පණිවුඩ යවන බව ද දැන ගන්නට තිබේ.
ඊට අමතරව එම කාන්තාවන්ගේ "facebook" ගිණුම් සහ පිටුවලට සරාගී හැගීම් දනවන "Post" යවන මෙම නිලධාරියා නිසා එක්සත් ජාතික පක්ෂයේ විනයට සහ අභිමානයට විශාල කැළලක් ඇති වී තිබෙන බව එම පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.