එජාප දේශපාලන සුනාමිය සජබයයි පොහොට්ටුවයි ගිල ගනී

සජිත්-බැසිල් අනාථයි සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා එම පක්ෂයේ නායක සහ…
සජිත්-බැසිල් අනාථයි
සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීම සඳහා එම පක්ෂයේ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් විසිනි.
එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වා ඇති අතර ඒ අනුව ඉදිරි මැතිවරණයකදී තනි කණ්ඩායමක් ලෙස ඉදිරිපත් වීමට මෙම මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබෙන බවත එම පක්ෂයේ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
දැන්වීම
එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය ගෙන ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මෙම සාකච්ඡා සිදු වන අතර ඊට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය ලැබී තිබෙන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා අනාවරණය කර සිටියි.
එක්සත් හැර ගොස් සමගි ජන බලවේගය සමග එක්ව සිටි බොහෝ පළාත් පාලන මන්ත්‍රීවරුන් නැවත පක්ෂයට එකතුවී සිටින අතර ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට තවත් සිටින්නේ සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 200ක් පමණක් බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ඉදිරි සති දෙකෙන් පසුව දිස්ත්‍රික්කවල තෝරා ගත් කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පක්ෂයේ සංවිධාන ව්‍යුහයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන බවත් අනතුරුව 2023 වසර මුල සිට පක්ෂයේ බිම මට්ටමේ සංවිධාන කටයුතු ආරම්භ කළ හැකි බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.