එජාප ජාත්‍යන්තර සබදතා රවී කරුණානායක ශක්තිමත් කරයි..!

විදේශීය තානාපතිවරුන් 22ක් අගමැතිට මුණ ගස්වයි..! තානාපතිවරුන්ට එජාප උප නායකයාගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල්…
විදේශීය තානාපතිවරුන් 22ක් අගමැතිට මුණ ගස්වයි..!
තානාපතිවරුන්ට එජාප උප නායකයාගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්..!

(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකාවේ විදේශීය තානාපතිවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් එක්සත් ජාතික පක්ෂයේ උප නායක,විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවසේ දී බදාදා (28) පැවැත්විණ.
ජනාධිපතිවරණයේ දී ජාත්‍යන්තර සහය එක්සත් ජාතික පෙරමුණට ලබා ගැනීමේ අරමුණින් විදුලි බල සහ බල ශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා මැදිහත් වී සංවිධානය කළ මේ විශේෂ හමුවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් ඇතුළු රටවල් 22 ක විදේශීය තානාපතිවරු සහභාගී වී සිටියහ.
දැන්වීම
මෙහි දී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, ජනාධිපතිවරණය සහ කලාපිය දේශපාලන වාතාවරණය වගේ ම ගෝලීය නව ආර්ථික දේශපාලන සහ සමාජ ප්‍රවනතා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සකච්ඡා කෙරුණු අතර සර් ලංකාවට අකණ්ඩව ම උදව් උපකාර කිරීමට එම විදේශීය තානාපතිවරු පොරොන්දු වුහ.
විදේශිය තානාපතිවරුන් වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබු අතර අතිශය සාර්ථකව පැවති මේ විශේෂ හමුවට සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
