එජාප කෘත්‍යාධිකාරීයේදී සජිත් ගෝඨා වෙනුවෙන් ගොරවයි..!

නවීන් පක්ෂය වෙනුවෙන් කතා කරද්දී සජිත් ගෝඨා වෙනුවෙන් බෙල්ල දෙයි..! සජිත් ප්‍රේමදාසගේ බළලා නැවතත් මල්ලෙන් එළියට..! (සුජිත් මංගල ද සිල්වා) ද්විත්ව පුරවැසිභාවයක් සහිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ…
නවීන් පක්ෂය වෙනුවෙන් කතා කරද්දී සජිත් ගෝඨා වෙනුවෙන් බෙල්ල දෙයි..!
සජිත් ප්‍රේමදාසගේ බළලා නැවතත් මල්ලෙන් එළියට..!
(සුජිත් මංගල ද සිල්වා)
දැන්වීම

ද්විත්ව පුරවැසිභාවයක් සහිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය නොහැකි වන සහ ඊට බාධා එල්ල වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිසේත් සංශෝධනය නොකළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (21) අවධාරණය කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දෙමින් ඊට ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබි සකස් කළ යුතු යැයි එහිදී පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ඔහු ජනපතිවරණ සටනට පැමිණීම ප්‍රශ්නයක් නොවන බව ද අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ දහස් පළ කළේ, ද්විත්ව පුරවැසිභාවයක් සහිත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දිය නොහැකි වන පරිදි සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණ පනත සංශෝධනය කළ යුතු බවට එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශයට පත් කරමිනි.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) රැස් විය.
දේශපාලන පැත්තෙන් සිතා බලා නවීන් දිසානායක මහතා මේ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කළේ එවිට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයෙක් ඉදිරිපත් කර ගත නොහැකිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන වශෙයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන නිසාය.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට ජනාධිපතිකම,අගමැතිකම හෝ මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි වුණත් ඒ ඒ මැතිවරණ වෙනුවෙන් ඒ ඒ ධූර සඳහා නාම යෝජනා භාරදීමට බාධාවක් නොමැති අතර එම තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බරපතළ අඩුපාඩුවක් වේ.
ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රධාන ජ්‍යෙෂ්ඨ නීතීඥයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පෙන්වා දී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මේ තත්ත්වය අනුව සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයට අදාළ ලිපි ගොනු භාරදීමෙන් පසුව ඒ අය ඇමරිකානු පුරවැසිභාවය අවසන් මොහොත වන තෙක්ම අහෝසි නොකළත් තමා ඇමරිකා එක්සත් ජනපදයෙන් එවැනි ඉල්ලීමක් කර තිබෙන බවට සාක්කි ඇතිව මැතිවරණ කොමසාරිස්වරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් සමග ජනපතිවරණ නාම යෝජනා භාර දුන් විට එම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ඔහුට හැකියාවක් නොමැති බවය.
මැතිවරණ කොමසාරිස්වරයා එම නාම යෝජනා භාර ගැනීමට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ විවිධ දේශපාලන ක්‍රියාකාරීන් අධිකරණය හමුවේ නඩු පැවරුවත් ඒ නඩු අසා තීන්දුව ප්‍රකාශයට පත් කරන විට ජනාධිපතිවරණය අවසන් වී තිබෙන බව ද එම ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ගේ ස්ථාවරය වී තිබේ.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තවත් විශාරදයින් පිරිසක් පෙන්වා දෙන්නේ ද්විත පුරවැසිභාවය සහිත පුද්ගලයෙකුට ඒ ඒ මැතිවරණවලදී ඒ ඒ ධූර වෙනුවෙන් නාම යෝජනා භාරදීමට බාධාවක් නොමැති නමුත් ව්‍යවස්ථාවේ මුඛ්‍ය අරමුණ සහ පරමාර්ථය ගැන සිතා මැතිවරණ කොමසාරිස්වරයා අදාළ නාම යෝජනා භාර ගැනීමෙන් වැළකී සිටීම හෝ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ උපදෙස් පිය හැකි බවය.
මේ අවුල ව්‍යවස්ථාවෙන්ම විසඳා ගැනීමේ සහ එමගින් එක්සත් ජාතික පෙරමුණට තවත් දේශපාලන වාසියක් අත් කර දීමේ අරමුණින් නවීන් දිසානායක මහතා ඉදරිපත් කළ මේ යෝජනාවට සජිත් ප්‍රේමදාස මහතා විරෝධය පළ කිරීමත් සමග විමතියට පත් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෝ “සජිත් ප්‍රේමදාසගේ බළලා මල්ලෙන් එළියට පැන්නා” යැයි කෑ ගැසීමට වූහ.
මේ සම්බන්ධයෙන් “lankanewsweek” වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙක් කියා සිටියේ “හේමාගේ කොලුවයි-ඛේමාගේ කොලුවයි එජාපෙට එරෙහිව ඉන්දු ඇමරිකානු කුමන්ත්‍රණයක්” යන ශීර්ෂය යටතේ සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් අප කණ්ඩායම බ්‍රහස්පතින්දා (21) කළ හෙළිදරව්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තහවුරු වූ බවය.
