අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ

එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ

රනිල්ගෙයි-සාගලගෙයි අලුත් අනුග්‍රාහකයා ඔත්තුකරුවෙක් ද..? සිංහල-බෞද්ධ අනුරාධනායක පන්නා Kishan Theodore කෘත්‍යාධිකාරියට පත් කරලා ඔත්තුකරුවන්ගෙන්-සමරිසියන්ගෙන් "සිරිකොත" පිරිලා එජාපයට අබ සරණයි..! Kishan…

රනිල්ගෙයි-සාගලගෙයි අලුත් අනුග්‍රාහකයා ඔත්තුකරුවෙක් ද..?

සිංහල-බෞද්ධ අනුරාධනායක පන්නා Kishan Theodore කෘත්‍යාධිකාරියට පත් කරලා 

ඔත්තුකරුවන්ගෙන්-සමරිසියන්ගෙන් "සිරිකොත" පිරිලා 

එජාපයට අබ සරණයි..! 

Kishan Theodore කවුද-කරන්නේ කුමක්ද..?

එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ද, එම පක්ෂයේ සහ සාගල රත්නායක මහතාගේ ද අලුත් මුල්‍ය අනුග්‍රාහකයා බවට මේ වන විට පත්ව සිටින්නේ රයිගම් සමාගම් සමූහයේ උප නියෝජ්‍ය සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ Kishan Theodore මහතාය. 

පෞද්ගලිකව තමාට, සාගල රත්නායක මහතාට සහ පක්ෂයට ලබා දෙන මුල්‍ය අනුග්‍රහය වෙනුවෙන් කරන ප්‍රති උපකාරයක් ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් Kishan Theodore මහතාව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරනු ලැබ තිබේ.   

දැන්වීම

දේශපාලනය සහ එක්සත් ජාතික පක්ෂය ගැන අබල් රේණුවක් නොදන්නා අහසින් පහත් වූ මේ පුද්ගලයා සල්ලි වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරද්දී, එම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අනුරාධපුරයේ සිංහල-බෞද්ධ දේශපාලන නායකයෙකු සහ ගොවියෙකු වන නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා කෘත්‍යාධිකාරීයෙන් පළවා හැරීම තරයේ හෙළා දකින බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියෝ අවධාරණය කර සිටිති. 

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සියලු අභ්‍යන්තර තොරතුරු රැස් කරමින් සිටින මේ පුද්ගලයා කිනම් අයෙකුගේ ඔත්තුකරුවෙකු ද යන්න පිළිබඳව නොදන්නා අතර මොහුගේ ප්‍රධානියා වන රයිගම් සමාගම් සමූහයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා ආණ්ඩුව සමග සිටින "වියත් මඟ" ප්‍රබලයෙකු වන බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය මේ වන විට ඔත්තුකරුවන්ගෙන් සහ සමරිසියන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙන අතර මේ හේතුවෙන් බහුතරයක් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් "සිරිකොත" මූලස්ථානයේ දී සිය අදහස් සහ යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර පැත්තකට වී නිහඬව බලා සිටින බව ද එම තරුණ තරුණියෝ පැවැසූහ.

රුපියල් 100ක් වියදම් කළොත් රුපියල් ලක්ෂයක් වියදම් කළා වගේ අඟවන බව කියන Kishan Theodore මහතා එක්සත් ජාතික පක්ෂයට උදව් උපකාර කිරීමට පැමිණෙන අනෙකුත් අනුග්‍රාහක භවතුන් මන්දෝත්සාහී කරන්නේ එම පක්ෂයට මුදල් වියදම් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව කියමිනි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින් සංවිධානය කරනු ලැබූ තරුණ සමුළුවේ දේශන සඳහා එම පක්ෂයට මතවාදීව සහය පළ කරන සහ ලැදියාවකින් යුතු කෘතහස්ථ දේශකයින් වන ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා, විශේඥ මනෝ වෛද්‍ චිකිත්සක චමින්ද වීරසිරිවර්ධන සහ ප්‍රවීන ලේඛක සුජිත් අක්කරවත්ත යන මහත්වරුන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇති Kishan Theodore මහතා එහිදී කියා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එම පුද්ගලයින් තිදෙනාට අකමැති බවය. 

එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ

එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාප කෘත්‍යාධිකාරිය මුදලට විකිණේ | Lanka Newsweek