අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප අන්තර් කාලීන නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ල..?

එජාප අන්තර් කාලීන නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ල..?

රංජිත් මද්දුමබණ්ඩාරගේ නමත් යෝජනා කෙරේ..! (සුමුදු පෙරේරා) සජිත් ප්‍රේමදාස මහතා නයකවත්වය භාර ගන්නා තුරු එක්සත් ජාතික පක්ෂයේ අන්තර් කාලීන නායකයා (INTERIM LEADER) ලෙස සභා නායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන…

රංජිත් මද්දුමබණ්ඩාරගේ නමත් යෝජනා කෙරේ..!

එජාප අන්තර් කාලීන නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ල..?

(සුමුදු පෙරේරා)

සජිත් ප්‍රේමදාස මහතා නයකවත්වය භාර ගන්නා තුරු එක්සත් ජාතික පක්ෂයේ අන්තර් කාලීන නායකයා (INTERIM LEADER) ලෙස  සභා නායක,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

මේ යෝජනාව ඉදිරිපත් වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ විශේෂ ස්ථානයකදී පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදීය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂයේ අන්තර් කාලීන නායකත්වය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නම සමග නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නම ද යෝජනා වී තිබේ.

මේ සඳහා එම නම් දෙක පමණක් යෝජනා වූයේ ජ්‍යෙෂ්ඨත්වය,විශ්වසනීයභාවය,එක්සත් ජාතික පක්ෂයේ කිසිදු කල්ලියක් නියෝජනය නොකිරීම සහ සියලු දෙනාටම ඇහුන්කම් දෙමින් සියලු පාර්ශවයන් සමග පොදුවේ කටයුතු කිරීමට හැකිවීම යන කරණා මත බව එම සාකච්ඡාවට එක්වූ මන්ත්‍රීවරයකු “lankanewsweek” සමග පැවසීය.

කෙසේ නමුත් එම අවස්ථාවට එක්වූ මන්ත්‍රීවරුන් බහුතරයේ අවසන්  ස්ථාවරය වූයේ   එක්සත් ජාතික පක්ෂයේ උද්ගත වී තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වුවහොත් එම තනතුරට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පත් කළ යුතු බවට යැයි ද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊට හේතු වූයේ 2015 ජනවාරි 8 වැනිදා පවතී ජනාධිපතිවරණයේදීත්,අගෝස්තු මස 18 වැනිදා පැවති මහා මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයට මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දීම,සභානායකවරයා ලෙස පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින එකසත් ජාතික පක්ෂයට එරෙහි කණ්ඩායමටත් විරුද්ධ දේශපාලන වශයයෙන් විශාල සටනක් ගෙන යාම සහ සිය බලතල පාවිච්චි කරමින් පාක්ෂිකයින් රැසකට රැකියා අදායම් මාර්ග සලසා දී තිබීම යන කරුණු කරණා බව ද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ යෝජනාව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හෙට අනිද්දාම ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සියලු යෝජනා සලකා බලා අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු 31 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාප අන්තර් කාලීන නායකත්වයට ලක්ෂ්මන් කිරිඇල්ල..? | Lanka Newsweek