එජාපෙ ප්‍රබලයෙක් මෛත්‍රී පිලට..?

(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස්…
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල ඇමතිවරයකු හෙට අනිද්දාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක් වනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ ප්‍රබල ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙසේ එකතු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේම මැදිහත්වීම මත බව ද දැන ගන්නට තිබේ.
දැන්වීම
මෙසේ ජනාධිපතිවරයා සමග එක්වීමට යන්නේ බස්නාහිර පළාත හෝ දකුණු පළාත නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයකු විය හැකි අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කළ පුද්ගලයකු බව ද එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මේ ප්‍රබල ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට අනිද්දා පැවැත් වෙන ජන රැළියකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වනු ඇතැයි දැන ගන්නට තිබේ.