අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“එජාපය රටට වැඩ කරද්දී ශ්‍රීලනිපය දේශපාලනය කරනවා”

“එජාපය රටට වැඩ කරද්දී ශ්‍රීලනිපය දේශපාලනය කරනවා”

ආර්ථිකය ගැන චෝදනා කිරීමට පෙර අය-වැය පෙරළා බැලිය යුතුයි (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය රටේ අනාගතය ගොඩනැඟීම පිළිබඳව කතා කරද්දී,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ පටු දේශපාලන අවශ්‍යතා…

ආර්ථිකය ගැන චෝදනා කිරීමට පෙර අය-වැය පෙරළා බැලිය යුතුයි

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂය රටේ අනාගතය ගොඩනැඟීම පිළිබඳව කතා කරද්දී,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ  පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ජනතාව  මුලා කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රවී කරුණානායක මහතා ච්දන කළේය.

මේ යථාර්තය තේරුම් ගෙන සිටින ජනතා පළාත් පාලන මැතිවරණයේ දී ඊට නිසි පිළිතුරු දෙනු ඇතැයි විශ්වාසය පළ කළ රවී කරුණානායක මහතා තමා මුදල් ඇමැති ධූරය දරන සමයේ රටේ ආර්ථික සංවර්ධනය සමඟ යටිතල පහසුකම් සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ද පෙන්වා දුන්නේය.

දැන්වීම

රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28)  පෙරවරුවේ  මට්ටක්කුලිය,  Farm Road, ප්‍රදේශයේ “ගෙයින් ගෙට” ගොස් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

ගෙවුණු තෙවසර ඇතුළත රටේ සංවර්ධනයක් සිදු වී නොමැති බවට ඇතැමුන් කරන ප්‍රකාශවලට  පිළිතුරු 2015,2016 සහ 2017 අයවැය වාර්තාව පෙරළා බැලීමෙන් ලබා ගත හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතිය ,ස්වභාවික විපතකදී රටේ සියලු   පුරවැසියන් සහ  දේපළ රක්ෂණය කිරීම, සියලු පාසල් ළමුන් රක්ෂණය කිරීම, උසස් පෙළ පාසල් සිසුන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට   TAB පරිගණක යන්ත්‍ර ලබාදීම, උසස් පෙළ සමත් සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිත ණය පහසුකම් ලබා දීම, විශේෂ සහන ණය ව්‍යාපෘති  අටක් යටතේ ස්වයං රැකියා , කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වගේම මාධ්‍යවේදීන් ට  සිය උපකරණ මිලදී ගැනීමට පොලී රහිත ණය පහසුකම් ලබා දීම ඇතුළු යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට මේ කාලයේ දී  හැකි වු බවද රවී කරුණානායක මහතා  පැවසිය.

එපමණක්ද නොව G-24 මුදල් අමාත්‍ය වරුන්ගේ සමුළුවේ දී ශ්‍රී ලංකාවට එහි සභාපති ධූරය සඳහා  ප්‍රවේශ වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළ නියෝජනය ලබාගැනීම , එහිදී ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට නොව, රටට අවශ්‍ය පරිදි ,  ඔවුන්ගේ සහාය ලබාගැනීම වශයෙන් මෙරට ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස් කම් රැසක් සිදු කළ බවද රවී කරුණානායක මහතා සදහන් කළේ ය.

මෙහිදී දයාසිරි ජයසේකර ඇමැතිවරයා, විසින්  සිදු කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දුන් රවී කරුණානායක මහතා කියා සිටියේ, දයාසිරි ජයසේකර  ඇමැතිවරයාගේ  සමීප කාන්තාවකට හිමි සමාගමක් විසින් ලොතරැයි මුද්‍රණය දීර්ඝ කාලයක් තිස්සේ සිදු කර ඇත්තේ ඉහළ මිල ගණන් යටතේ බවත් මුදල් ඇමැතිවරයා ලෙස තමා ඒ සමයේ ඊට ඉඩ නොදී එම ක්‍රියාවලිය නතර  කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔහු කැපිච්ච පනුවෙක් ලෙස දඟලන බවය.

කිසිඳු ටෙන්ඩර් ක්‍රම වේදයකින් තොරව සිදු කර ඇති මෙම ලොතරැයි පත් මුද්‍රණය මඟින් රජයට රුපියල් මිලියන 2000 අලාභයක් සිදු වී ඇති බව මහා භාණ්ඩාගාර වාර්තාවල සටහන් කර ඇතැයි පෙන්වා දුන්  රවී කරුණානායක මහතා මෙවැනි වංචනික ක්‍රියා නැවත් වීම, ගැටලුවක් දැයි ද කර සිටියේය .

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“එජාපය රටට වැඩ කරද්දී ශ්‍රීලනිපය දේශපාලනය කරනවා” | Lanka Newsweek