අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය ජනපතිවරණ සටන අරඹයි..රවීට හරින්ට සහ ෆිරෝස්ට නව තනතුරු

එජාපය ජනපතිවරණ සටන අරඹයි..රවීට හරින්ට සහ ෆිරෝස්ට නව තනතුරු

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි ජනපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගනු ලැබීය. ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…


එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි ජනපතිවරණය සහ මහා මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගනු ලැබීය.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවරධනපුර කෝට්ටේ පිහිටි "සිරිකොත" පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේ දී ය.

එහිදී ජාතික මැතිවරණ සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කර ගනු ලැබූ අතර ජාතික මැතිවරණ මහා ලේකම් වශයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පත් කර ගනු ලැබීය. මේ අතර ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා මැතිවරණ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට පත් කෙරිණි.

දැන්වීම

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයේ ද සුළු සංශෝධනයක් සිදු කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් මහතා (Mohamed Firdouse Farook) ද, භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් මහතා උප සභාපති ලෙසද, ක්‍රිෂාන් තියඩෝර් මහතා නියෝජ්‍ය මහ ලේකම් ලෙසද පත් කෙරිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, උප නායක අකිල අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ සෙසු නිලධාරීන්ගේ තනතුරු වෙනස් නොකර පවත්වා ගෙන යාමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී තීරණය කෙරිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න