අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපය කැකුණ තලයි-ශ්‍රීලනිපයට රජ මගුල්..!

එජාපය කැකුණ තලයි-ශ්‍රීලනිපයට රජ මගුල්..!

උපනායකයා පාවා දී උඩ බලා ගෙන කෙළ ගහ ගෙන..! රනිල්ගේ බළලා මලික්ගේ මල්ලෙන් එළියට..! මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දී ඇති බවට චෝදනා…

උපනායකයා පාවා දී උඩ බලා ගෙන කෙළ ගහ ගෙන..!

රනිල්ගේ බළලා මලික්ගේ මල්ලෙන් එළියට..!

එජාපය කැකුණ තලයි-ශ්‍රීලනිපයට රජ මගුල්..!

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබා දී ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව අධිකරණය හමුවේ  හදිසියේම පැවරූ නඩුවක් පැවරීමට ක්‍රියා කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වන විට විවිධ ප්‍රවෘත්ති සහ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කෙරෙමින් පවතියි.

මේ සිද්ධිය පදනම් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය ද ජාතික දේශපාලන කරළිය ද ගිණියම් වෙමින් පවතින අතර විවිධ තොරතුරු සහ ආරංචි පැතිර යමින් පවතියි.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ රවී කරුණානායක මහතාට කැබිනට් අමාත්‍ය ධූරයක් යළි ලබා දෙනවාට සිය විරෝධයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළිව ප්‍රකාශ කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබීමය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයට රවී කරුණානායක මහතා කැඳවා මේ කාරණය පිළිබඳව සිය ස්ථාවරය ඔහුට දැනුම් දී තිබුණේ පසු ගිය බදාදා (05) උදේ වරුවේය.

මුදල් ඇමතිවරයාව සිටියදී රවී කරුණානායක මහතා ජනතාවගේ වගේම රටේ ආර්ථිකය පැත්තෙන සිතා එම ඇමති ධූරයේ වගකීම් සහ යුතුකම් ඉටු කළ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රසාදය ද එහිදී පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ මේ දැනුම්දීම රවී කරුණානායක මහතා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙත එදිනම වාර්තා කර ඇති අතර  එසේ නම් ඒ බව එදින සවස පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන්න යැයි අග්‍රාමාත්‍යවරයා රවී කරුණානායක මහතාගෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය හමුවේ ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඊට කිසිවකුත් විරුද්ධ නොවී ඒ සඳහා පූර්ණ එකඟතාවය පළ කළ නිසා ඔහුට සිය ඇමති ධූරය යළි ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින්ම සම්පාදනය කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සහතික ද  වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේ පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රවී කරුණානායක මහතාට එරෙහිව මේ නඩුව පැවරෙන්නේ ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිළි කර හරියටම දින නවයකදී,එනම් පසු ගිය සිකුරාදා (14) ය.

නොඑසේ නම් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව එළි දැක්වීමෙන් අනතුරුව, ඊට අදාළව සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් කෙරුණු ඉදිරි පරීක්ෂණ සඳහා සහය ලබා දෙමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් ද කර රවී කරුණානායක මහතා සිය විදේශ කටයුතු අමාත්‍ය ධූරයෙන් 2017 අගෝස්තු 10 වැනිදා ඉල්ලා අස්වී හරියටම අවුරුද්දයි,මාසයකුත් දින හතරක් ගත වුණාට පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවතින නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය වගේම නීතිපති දෙපාර්තමේන්තුව පවතින අධිකරණ අමාත්‍යංශය ද පවතින්නේ එක්සත් ජාතික පක්ෂය යටතේය.

මේ සම්බන්ධයෙන් “lankanewsweek” ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු පෙරළා ප්‍රශ්න කළේ නීතිමය තත්ත්වය ඇතුළු කරුණු කාරණා සම්බන්ධයෙන් පුළුල් සහ නිවැරදි අවබෝධයකින් වගේම සමස්ථ සිද්ධිය පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව ජනාධිපතිවරයා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා පිළිබඳව එවැනි ස්ථාවරයකට පැමිණෙනු ඇද්ද යන්න පිළිබඳවය.      

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ රවී කරුණානායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව එම අධිකරණය නියෝග කර තිබෙන්නේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  රවී කරුණානායක මහතාට එරෙහිව නැගු චෝදනා සම්බන්ධයෙන් මේ මස 28 වැනි දා යළි සැකසු  වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපය කැකුණ තලයි-ශ්‍රීලනිපයට රජ මගුල්..! | Lanka Newsweek