එජාපයේ සිංහල බෞද්ධකම මතු කරන්න සජිත් ප්‍රේමදාස උර දෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

දිස්ත්‍රික්ක 25 ට චෛත්‍ය 25ක්..! ජනපතිවරණයට පෙර වැඩ අවසන්..! (හේමන්ත තුෂිත කුමාර) රට පුරා දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි චෛත්‍ය 25ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස සහ ඉදිකිරීම්…
දිස්ත්‍රික්ක 25 ට චෛත්‍ය 25ක්..!
ජනපතිවරණයට පෙර වැඩ අවසන්..!
(හේමන්ත තුෂිත කුමාර)
රට පුරා දිස්ත්‍රික් 25 ආවරණය වන පරිදි චෛත්‍ය 25ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මේ වැඩ සටහන යටතේ පළමු චෛත්‍ය සඳහා මුල් ගල් තැබීම අනුරාධපුර,නාච්චදුව,සාවස්ති පුර ශ්‍රී ස්වර්ණජයන්ති විහාරයේදී හෙට (23) උදැසන සුභ මොහොතින් සිදු කෙරේ.
රියන් 17ක උසකින් යුතු මේ එක චෛත්‍යක් සඳහා රුපියල් ලක්ෂ 50ක් ඇස්තමේන්තු කර තිබෙන අතර ඒ සඳහා වැය කෙරෙන්නේ රජයේ මුදල් නොව සැදැහැවත් සිංහල බෞද්ධ ජනතාවගෙන්,ධානපතියන්ගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් පරිත්‍යාග ලෙස ලබා ගත් මුදල්ය.
රට පුරා චෛත්‍ය කරවීමේ මෙම පුණ්‍ය කර්මය සඳහා වැය වන සම්පූර්ණ මුදල සොයා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් සමත් වී ඇති අතර මේ චෛත්‍ය 25 අවුරුද්දක් ඇතුළතදී ගොඩනගා අවසන් කිරීමට ද සැලසුම් කර තිබේ. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද (22) මහනුවරට ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගෙන අනතුරුව මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුන් ද බැහැ දැක මේ ව්‍යාපෘතිය සඳහා ආශීර්වාදය ලබා ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ පදනම ශක්තිමත් කරමින් වැවයි දාගැබයි-ගමයි පන්සලයි යන සංකල්පය මත පක්ෂය යළි ප්‍රතිනිර්මාණය කිරීමට මේ වැඩ සටහන ඉවහල් වනු ඇතැයි එම පක්ෂයේ පැරණි සහ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
මේ අනුව එක්සත් ජාතික පක්ෂය 2020 ජනාධිපතිවරණයට යන්නේ රට පුරා චෛත්‍ය 25ක් ගොඩනගා ශ්‍රී සම්බුද්ධ සාසනයේ තිර පැවැත්ම සඳහා විශාල මෙහෙවරක් කිරීමෙන් පසුව බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
