අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..!

එජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..!

“UNP HAPPY FAMILY” (සුමුදු පෙරේරා) රට පුරා සිටින තිස් පන් ලක්ෂයක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින් අතරින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අතිශයින්ම සතුටින් සහ ප්‍රමෝදයෙන් යුතුව සිටින්නේ සාමාජිකයින් හත් දෙනකු…

“UNP HAPPY FAMILY”

   (සුමුදු පෙරේරා)

රට පුරා සිටින තිස් පන් ලක්ෂයක් වූ එක්සත් ජාතික පාක්ෂිකයින් අතරින් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව අතිශයින්ම සතුටින් සහ ප්‍රමෝදයෙන් යුතුව සිටින්නේ සාමාජිකයින් හත් දෙනකු පමණක් බව එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු අවධාරණය කරති.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති වගේම නොනිල අගමැතිවරයා වශයෙන් ක්‍රියා කරන මලික් සමරවික්‍රම,මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,අගමැතිවරයාගේ බලය යුතු ලෙස පාවිච් කරන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,මාධ්‍ය වැඩ කටයුතු හැරුණු කොට අනෙකුත් සියලු දේ සිදු කරන අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි,කෝටිපති ව්‍යාපාරිකයින් පමණක් හමු වන අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා සහ අගමැතිවරයාට සමීප වීමට සාමාන්‍ය ජනතාවට ඉඩ නොදෙන අරලිය ගහ මන්දිර සැලසුම් අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ යන අය බව එම මන්ත්‍රීවරු පෙන්වා දෙති.

ලිච්ඡවී ක්‍රමයක් ගැන එළියේ කතා කළාට කිසිවකුගේ අදහස්,යෝජනා සහ ඉල්ලීම් නොතකා එක්සත් ජාතික පක්ෂයේ සියලු තීන්දු තීරණ ගන්නේ මේ කණ්ඩායමේ සහ අවශ්‍යතාවය මත බව පෙන්වා දෙන එම මන්ත්‍රීවරු මේ කණ්ඩායමට තිබෙන දේශපාලන බලය,අවස්ථා සහ සල්ලිවලින් අලගුවක් වත් සාමාන්‍ය පාක්ෂිකයින්ට තබා පක්ෂයේ මැති ඇමැතිවරුන්ටවත් නැතැයි ද චෝදනා කරති.

මේ කණ්ඩායම “UNP HAPPY FAMILY” ලෙස හඳුන්වන එක්සත් ජාතික පක්ෂයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ අයගේ ක්‍රියා කලාපය පිළිබඳව අතිශයින් කලකිරීමට පත්ව සිටින පාක්ෂිකයින් දවසින් දවස පක්ෂය අත හැර යන බවය.

දස දහස් ගණන් පාක්ෂිකයින් අනාථ වී සිටියදී සියලු වරදාන සහ වරප්‍රසාද සහිතව එක රෑනක් පමණක් කා බී බාල් නටමින් සුර සැප විදින මේ ක්‍රමය අවසන් කර සාමාන්‍ය ජනයාගේ හද ගැස්ම,අවශ්‍යතා සහ ප්‍රශ්න හඳුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටිමින් අරගල කර සියලු දෙනාට සතුට,සැනසීම සහ සෞභාග්‍ය උදා කරන පොදු ජන දේශපාලන භාවිතයකට එක්සත් ජාතික පක්ෂය වහාම අවතීරණය නොවුණොත් දේශපාලන අනාගතයක් නොමැතිව පක්ෂය අහෝසි වී යනු ඇතැයි ද එම විශ්ව විද්‍යාල ආචාර්යවරු අනතුරු අඟවති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එජාපයේ සතුටු සිත් ඇත්තෝ ගැන පසු පෙළ හෙළි කරයි..! | Lanka Newsweek