අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ ප්‍රබල භික්ෂුවක් නාමල් හමු වෙයි

එජාපයේ ප්‍රබල භික්ෂුවක් නාමල් හමු වෙයි

එජාපයේ වැඩ පිළිවෙළ ගැන කලකිරිලා එජාප ආසන සංවිධායකවරුන් ගණනාවක් ද ඉදිරියේ දී නාමල්ට (කසුන් ලමාහේවා) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම පක්ෂයට මතවාදීව සහය ලබා දෙන…

එජාපයේ වැඩ පිළිවෙළ ගැන කලකිරිලා 

එජාප ආසන සංවිධායකවරුන් ගණනාවක් ද ඉදිරියේ දී නාමල්ට 

(කසුන් ලමාහේවා)

හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම පක්ෂයට මතවාදීව සහය ලබා දෙන ප්‍රබල භික්ෂූන් වහන්සේ නමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමු වී විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

එක්සත් ජාතික පක්ෂයට මතවාදීව සහය පළ කරන තවත් ප්‍රබල සහ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා ගණනාවක් සේම ආසන සංවිධායකවරුන් පිරිසක් ද ඉදිරියේ දී නාමල් රාජක්ෂ මහතා හමු වී ඔහුට සහය පළ කිරීමට නියමිතය.

මේ භික්ෂූන් වහන්සේලා සහ ආසන සංවිධායකවරුන් මෙසේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමු වී ඔහුට සහය පළ කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මතය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න