අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු සජබයට

එජාපයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු සජබයට

පක්ෂය ගැනයි නායකත්වය ගැනයි කල කිරිලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර…

පක්ෂය ගැනයි නායකත්වය ගැනයි කල කිරිලා 

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් දෙදෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම නායකයින් දෙදෙනා අතරින් අයෙකු හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක  වික්‍රමසිංහ මහතාගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු වීම විශේෂත්වයක් වන අතර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඔහු තරයේ කියා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය සමග සන්ධාන ගත විය යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ මෙම ප්‍රබල නායකයින් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග මේ වන විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තරඟ කරනු ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න