අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති

එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති

රනිල්ගේ-රුවන්ගේ ක්‍රියා කලාපයට විරෝධය මුලින්ම එකතු වුණේ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන ඊළඟට මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ද..? (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ…

රනිල්ගේ-රුවන්ගේ ක්‍රියා කලාපයට විරෝධය 

මුලින්ම එකතු වුණේ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන 

ඊළඟට මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ද..?

එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයට දීර්ඝ කාලයක් මුළුල්ලේ මතවාදීව සහය පළ කරමින් සිටී විශ්ව විද්‍යාලවල සක්‍රීය සේවයේ නියුතු තවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙදෙනෙක් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටිති.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙසේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට මතවාදීව සහය පළ කරමින් ඔහු සමග අලුතින්ම එකට එක්ව සිටින්නේ, වයඹ විශ්ව විදයාලේ ගණකාධිකරණ දෙපර්තම්නේතුවේ, මූල්‍ය කළමනාකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විදයාලේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහූ වෙති.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එම පක්ෂයට සිය පූර්ණ සහය පළ කරමින්, කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අඟහරුවාදා (15) සවස 2.00 ට සජිත් ප්‍රේමදාස මහතා හමු වූ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීහූ ඔහු සමග දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර එකඟතා රැසකට අවතීරණය වූහ.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන්ට පෙර එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ වාණිජ්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා ද, සමගි ජන බලවේගයට සිය පූර්ණ සහ අනුග්‍රහය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ගෙවුණු සතියේ දී අත්වැල් බැඳ ගෙන තිබිණ.

කෙසේ නමුත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සහ ආචාර්ය විශාකා සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර දේශපාලන තොරතුරු හුවමාරු කෙරෙන "WhatsApp" ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමූහවල මේ වන විටත් සක්‍රීයව සිටිති.   

මෙම වාතාවරණය සම්බන්ධයෙන් අනාවැකි පළ කරමින් "එජාපයේ සරසවි පදනම දෙදෙරයි-උගත්තු පක්ෂය හැර යති" යන ශීර්ෂය යටතේ "lankanewsweek" මීට අදාළව මුලින්ම කරුණු හෙළිදරව් කර සිටියේ 2020.11.01 වැනිදා බව සිහිපත් කර සිටිමු. 

එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
එජාපයේ තවත් සරසවි ඇඳුරෝ දෙදෙනෙක් සජිත්ට එක් වෙති | Lanka Newsweek