එජාපයට නව ව්‍යවස්ථාවක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත"…
එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය ලබා දී ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සිකුරාදා (17) හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව මෙසේ සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1