අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි

එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය,සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුභ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවත් සාමය,සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම යුරෝපා සංගමය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිවේදනයක් නිකුත් කරමින් සුභ පැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුව ද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් සහ නිදහස භාවිත කර ඇති බවත් වේ.

වෙළෙදාම විශේෂ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව යන ආදි අංශ ගණනාවක් ආවරණය වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

දැන්වීම

මේ අතර අමෙරිකානු රජය ද නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක්කර තිබෙන අතර එම නිවේදනය තුලින් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අමෙරිකාව සූදානම්ව සිටින බවයි.

ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණය, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වෙන අතර යුක්තිය, ප්‍රතිසංන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය පියවර ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

මේ අතර චීනය, ඉරානය, වියට්නාමය ඇතුළු තවත් විදෙස් රටවල් රැසක් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක්කර තිබේ.

මේ අතර සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පැවති බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.

ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරණ ක්‍රියාවලිය පරිපාලනය විසින් හොඳින් කළමනාකරණය කර තිබු බව එම දූත පිරිසේ ප්‍රධානි මරිසා මටියාස් මහත්මිය ප්‍රකාශ කර ඇත.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණවල මුලික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය නව ජනපතිට සුභ පතයි | Lanka Newsweek