එක්සත් ජාතික පක්ෂයට 79ක්..!

එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ එකම ලිබරල් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයයි.දේශපාලන මතවාදීමය ලෙසින් ගතහොත් එක්සත් ජාතික පක්ෂය කොන්සර්වේටිව් සහ ලිබරල් ආර්ථිකය සමඟ ගොඩනැගී ඇත. 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ…
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ එකම ලිබරල් දක්ෂිණාංශික දේශපාලන පක්ෂයයි.දේශපාලන මතවාදීමය ලෙසින් ගතහොත් එක්සත් ජාතික පක්ෂය කොන්සර්වේටිව් සහ ලිබරල් ආර්ථිකය සමඟ ගොඩනැගී ඇත.
1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ ඇල්බට් චන්ද්‍රවංකයේ ෆාම්කොට් මන්දිරය තුළ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය සිදුවිය.
මහාමාත්‍ය D.S සේනානායක මහතාගේ සහභාගිත්වයෙන් T.B ජයා,සර් ජෝන් කොතලාවල,A මහාදේව කියන උප සභාපති වරුන් වගේම H.W අමරසූරිය මහ ලේකම්තුමා සහ සම භාණ්ඩාගාරික වූ J.R ජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ විය.
දැන්වීම
සියලු ජාතීන්ට එක්සිත්ව එක්රැස්ව දේශපාලනය කිරිම සඳහා ගොඩනැගූ එක්සත් ජාතිය පක්ෂයට එම නම තැබුවේ ද සියලු ජාතීන් එක්සත්ව තබා ගැනීමට අවැසි වූ නිසාය.
එදා සිට අද දක්වාත් එක්සත් ජාතික පක්ෂය රකින එක් ප්‍රතිපත්තියක් ඇත.එනම් ප්‍රතිපක්ෂය කුමන විවේචනයක් සිදු කළද පවුල,ලිංගිකත්වය සහ ලෙඩ රෝග යන මාතෘකා ඔස්සේ ප්‍රති පාක්ෂිකයන්ව විවේචනය නොකිරීමයි.
1947 පළමු මැතිවරණයට තරග කරපු එක්සත් ජාතික පක්ෂයට බහුතරය හදාගෙන ආණ්ඩු බලය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.පළමු ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමට මූලික වී කටයුතු කරපු එක්සත් ජාතිය පක්ෂයේ D.S සේනානායකයන්ය.
පැරකුම් යුගයෙන් පසු දැවැන්ත කෘෂිකර්මාන්තයක් ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂයේ මහාමාත්‍ය ඩී එස් සේනානායක මහතා ගල්ඔය,රාජාංගනය ජලාශත් උඩවලව සංවර්ධන ව්‍යාපාරය හරහා රටේ ලක්ෂ ගණනක් පුරන් කුඹුරු අස් වැද්දීමට කටයුතු කළේය.
සියලු ජාතීන්ට සමානව සැලකූ එක්සත් ජාතික පක්ෂය පීඩාවට පත්ව සිටි වතුකර දෙමළ ජනතාව වෙනුවෙන් පුරවැසිභාවය ලබා දෙනවා.
ඉන්පසු බලයට පත්වන ඩඩ්ලි සේනානායක මහතා ජනතාව අතර ප්‍රකට වුණේ අවිහිංසාවාදී නායකයෙකු ලෙසටය.
ඩඩ්ලි සේනානායක මහතා මෙරට වී ගොවිතැන නගා සිටුවීමට කරපු මෙහෙය නිසාම ඔහු ජාතියට බත් දුන් පියා ලෙස හැදින්විය.
බතලේගොඩ වී පර්යේෂණ ආයතනය, තලවකැලේ තේ පර්යේෂණ ආයතනය, ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය,අම්පාර උසස් තාක්ෂණ විද්‍යා පීඨය ඩඩ්ලි සේනානායක විසින් රටට දායාද කරනු ලැබුවා.
එමෙන්ම පසළොස්වක පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කළේද එක්සත් ජාතික පක්ෂයේ ඩඩ්ලි සේනානායක මහතාය.ඔහු මිය යන විට ඔහුගේ බැංකු පොතේ තිබුණේ රුපියල් 100කි.
ඉන්පසු පැමිණෙන්නේ සොඳුරු දඩබ්බරයෙකි.සර් ජෝන් කොතලාවල ඔහු මගේ දේශපාලනයේ ප්‍රියතමයාය.ඔහු කිව්වොත් කිව්වාය.
ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ආරම්භ කිරීම,බම්බලපිටිය නිවාස සංකීර්ණය ඉදි කිරීම,රත්මලාන ගුවන්තොටුපොළ නවීකරණය කිරීම,කැලණි පාලම ඉදිකිරීම සහ රට පුරා බෞද්ධ සිද්ධස්ථාන නගා සිටුවීම ජෝන් කොතලාවල විසින් සිදු කළේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරම්භ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සර් ජෝන් කොතලාවල මැතිතුමන් ලබා දුන් පෞද්ගලික දේපළ පරිත්‍යාගයෙන් ය.
දැවැන්ත පරාජයකින් පසුව එක්සත් ජාතික පක්ෂයේ ඇතා නැවත නැගිට්ට වන්නේ තරුණ නීතීඥ J.R.ජයවර්ධන විසිනි.
1977 දී එක්සත් ජාතික පක්ෂය නැවත බලයට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් නව වාර්තාවක් සමගින් ය.එහිදි එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ 6/5 ක බලයක් ලබාගන්නේය.එය පාර්ලිමේන්තුවේ ආසන 168 න් 140 කි.
ජනාධිපති ආණ්ඩුක්‍රමය හඳුන්වාදීම,සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා අගාදයට යමින් තිබූ ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදී හරි පාරට ගත්තේ J.R ජයවර්ධනය.
විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ශ්‍රී ලංකාව ලෝකයට විවෘත විය.කොළඹ ආයෝජන මණ්ඩලය නිර්මාණය කරපු එක්සත් ජාතික පක්ෂයට විශාල වශයෙන් ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමටැකි විය.
1979 දී J.R ජයවර්ධන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන් අතර එය උතුරු පළාතේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් වල සන්නද්ධ නැගිටීම වැළැක්වීම සඳහා කරන ලද්දක් විය.එමෙන්ම මූලික පුරවැසි අයිතිවාසිකම් පුළුල් කිරීම සහ මහජන ආරක්ෂක පනත හඳුන්වාදීමද සිදු කළේය.
J.R ජයවර්ධන මහතාගේ කාලය තුළ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ශක්තිමත් රාජ්‍යයක් ලෙස වැජඹුණි.ඔහු සෑම විටම රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමට අවධානය යොමු කළේය.මේ නිසාම ජපානයෙන් සහ ඇමරිකාවෙන් විවිධ ආධාර සහ ත්‍යාග ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එක්සත් ජාතික පක්ෂය විසින් විශ්වවිද්‍යාල 6 ක් ප්‍රතිෂ්ඨාපනය කොට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආරම්භ කළේය.විවෘත විශ්වවිද්‍යාලය,රුහුණු නැගෙනහිර,විශ්ව විද්‍යාල ආරම්භ කොට මිහින්තලය,අග්නිදිග විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට කටයුතු කළේද එක්සත් ජාතික පක්ෂයයි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් වෛද්‍ය හා පුරාවිද්‍යා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයන් ආරම්භ කොට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයත් කුලියාපිටිය වෛද්‍ය පීඨයත් ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ දරුවන්ට මහ පොළ ශිෂ්‍යාධාර අරමුදල ලබා දුන්නේද එක්සත් ජාතික පක්ෂයේ ලලිත් ඇතුළත්මුදලි මහතාය.ශ්‍රී ලංකාවේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දුන් C.W.W කන්නංගර මහතා නියෝජනය කළේද එක්සත් ජාතික පක්ෂයයි.
රූපවාහිනි ජංගම දුරකථන පරිගණක සහ අන්තර්ජාල තාක්ෂණය ශ්‍රි ලංකාවට හඳුන්වා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂයයි.
දරුවන්ට පාසල් පොත් හා නිල ඇඳුම් නොමිලේ ලබාදීම ආරම්භ කරේ එක්සත් ජාතික පක්ෂයයි.දේශපාලන සට්ටැබියන් ගුරුවරු වීමෙන් වළකාලමින් අධ්‍යාපන විද්‍යා පීඨ නවයක් ආරම්භ කළේද එක්සත් ජාතික පක්ෂයයි.
සමාජයේ පහළම ස්ථරය යැයි සම්මත කර තිබූ පවුලකින් පැමිණ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය දක්වා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ දුප්පතාගේ හිතවතා රණසිංහ ප්‍රේමදාසය.
ඔහු විසින් දුප්පත් ජනතාව උදෙසා ජනසවිය,ගම්උදාව මෙන්ම ඇඟලුම් කර්මාන්තශාලා ද ගොඩනැගුවේය.
2001 දි නිදහසෙන් පසු ලංකාව මුහුණ පෑ දරුණුතම ආර්ථික පරිහානියට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය.එවිට ආණ්ඩු කරේ වෙනත් පක්ෂයක්ය.
දළ දේශීය නිෂ්පාදනය 2.5 කින් අඩුවිය.විශ්වාසභංගයක් නිසා ආණ්ඩුව බිඳ වැටුණි.ජනාධිපතිතුමිය කලින්ම මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේය.
පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛාවක් හිමි කර ගෙන අගමැතිවරයා බවට පත්විය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිවරැදි ආර්තික ප්‍රතිපත්තියක් සහ වෙළඳපොළ හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ නිසා විශාල පරිමාණයේ ආයෝජන හා ආර්ථික වර්ධනයක් කරේ මග පෑදීය.
ආණ්ඩුව ආයෝජන මණ්ඩලය, ග්‍රාමීය ව්‍යවසායකයන් පිළිබඳ අමාත්‍යාංශය සහ තොරතුරු සංවේදන තාක්ෂණ නියෝජිත ආයතනය වැනි ප්‍රධාන ආර්ථික ආයතන පිහිට විය.
එක්සත් ජාතික පක්ෂයේ මෙම ආර්ථික ප්‍රතිපත්ති නිසා 2003 අග වන විට 6% ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට
හැකි විය.උද්ධමනය 2% කින් අඩු විය.පසුව ආණ්ඩුව බිඳ වැටුණි.
2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතිය පක්ෂයට හිමිවන්නේ එක් මන්ත්‍රී ධුරයකි.ඒ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලී සිටි සමයයි.
රටේ පාලකයන් තනතුරු දමා ගිය මොහොතක එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රී ධූරය සඳහා පැමිණෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.
2020 ජුලි 20 එක්සත් ජාතිය පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපති බවට පත්විය.
ඔහු විසින් විවිධ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් අවුරුදු දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත්තේය.
එක්සත් ජාතික පක්ෂය සෑම විටම දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළ අතර ඔවුන්ට බලය පැමිණි විටදී දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට ඇත.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය ගොඩනැගී ඇත්තේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිි මතය.නිදහස් වෙළඳපොළ, පෞද්ගලීකරණය,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කරයි.
ලංකා දේශපාලනයේ ස්ථිර බ්ලොක් වෝට් එකක් ඇති පක්ෂය වන්නේද එක්සත් ජාතික පක්ෂයයි.
ලංකාවේ දේශපාලන පාක්ෂිකයන් වර්ගීකරණයේදී
"ටොයියන්" විදිහට හඳුන්වන්නෙත් කැපුවත් කොළ එක්සත් ජාතික පාක්ෂිකයන්ය.